නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මදුරු මර්දන සතිය- මදුරුවන් බෝවන පරිශ‍්‍ර 135,080ක්

    අප්‍රේල් 07, 2016

    ජාතික මදුරු මර්දන සතිය තුළ දී මුළු දිවයිනම ආවරණය වන පරිදි පරිශ‍්‍ර 630,992 ක් පරික්ෂාවට ලක් කර ඉන් 135,080 ක් මදුරුවන් බෝවන පරිශ‍්‍ර ලෙස හදුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සෘජු අධිීක්ෂණය යටතේ ඉදිරි මාස 04 තුළ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම පාලනය කිරීම සදහා ප‍්‍රකාශයට පත් කළ ජාතික මදුරු මර්දන සතිය පසුගිය හතර දින අවසන් විය.

     


    පසුගිය මස 29 දින ජාතික මදුරු මර්දන සතියේ ප්‍රගතිය පිළිබඳ වාර්තව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී  ප්‍රකාශයට පත් විය.අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි පරිශ‍්‍ර 630,992 ක් පරික්ෂාවට ලක් කර ඉන් 135,080 ක් මදුරුවන් බෝවන පරිශ‍්‍ර ලෙස හදුනාගෙන තිබිණි.මදුරු කිටයින් සහිත ස්ථාන 11,608 ක් සොයාගන්නා ලද අතර, 2105 කට නඩු පැවැරිමටත්, 25,618 කට රතු නිවේදන නිකුත් කර ඇත.

     

    පාසල් සහ ඉදිකිරිම් කළාප වලින් ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩි වශයෙන් සොයාගෙන ඇත. පාසල් 2017 ක් සහ ඉදිකිරීම් කළාප 3260 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එම ස්ථානවලින් සියයට 40 කට ආසන්න ප‍්‍රමාණයක ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන බව හදුනාගෙන ඇත. වැඩිම මදුරු කීටයින් සහිත පරිශ‍්‍ර සොයාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, ඒ අනුව පරිශ‍්‍ර 32,283 ක් පරීක්ෂා කර මදුරු කීටයින් සහිත ස්ථාන 2,212 ක් සොයාගන්නා ලදි. ඉන් 6753 කට රතු නිෙවිදන නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර, 855 කට නඩු පැවරීමට කටුයතු කර ඇත.  

     

    ඩෙංගු මදුරුවන්ගේ බෝවීම පාලනය කිරිම සදහා පළාත් පාලන ආයතන සහ සියළුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව ප‍්‍රගති සමාලෝචන රැුස්වීමක් සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඉදිරියේ දි පැවැත්වෙන බවත්, එහිදි ඉදිරියේ දි ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබදවත් සාකචිඡුා කිරිමට නියමිත බවත් මෙහිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සදහන් කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya