නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර වලට අගය එකතු කිරීම පිළිබඳ වැඩ මුළුවක්

    අප්‍රේල් 07, 2016
    මෙරටින් අපනයනය කරනු ලබන කුළුබඩු, එළවළු හා පළතුරු සඳහා ඉහළ අගය එකතු කිරීමක් තුළින් ඉහළ අපනයන ආදායමක් ලබා ගත හැකි බව, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
    ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන ආහාර වල අගය ධාම සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයේ දී පැවති ජාතික වැඩමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    මෙහිදී අදහස් දැක්වූ දයා ගමගේ මහතා සඳහන් කළේ, මෙරටින් අපනයනය කරනු ලබන බොහෝ ආහාර ද්‍රව්‍ය අපනයනය කරනු ලබන්නේ අගය එකතු කිරීමකින් තොරව වීම කණගාටුවට කරුණක් බවයි.
     
    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන උසස් ප්‍රමිතියෙන් යුත් එවැනි දේ වෙනත් රටවලට ගෙන ගොස් එහිදී විශාල අගය පරිවර්තනයට ලක් කරමින් අතරමැදියන්ව සිට ඉහළ ආදායමක් ලබා ගනියි. නිදසුනක් ලෙස මෙරටින් ලතින් අමරිකානු කලාපීය රටවලට ද ඉන්දියාව වැනි රටවලට ද අපනයනය කරනු ලබන කුරුඳු එම රටවලදී විවිධ නිමි නිෂ්පාදනයන් බවට පත් කරයි. එවැනි නිමි නිෂ්පාදන අළෙවිය තුළින් ඔවුන් උපයන ආදායම ශ්‍රී ලංකාව අත්කර ගන්නා ආදායමට වඩා විශාල අගයක් ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.
     
    එම නිසා, අදාල නිෂ්පාදනයන්ගේ නියම හිමිකරුවන් හා උරුමකරුවන් වන අප, මෙම නිෂ්පාදන සඳහා ඉහළ අගය එකතු කිරීමේ හා විවිධ නිෂ්පාදන නිපදවීමේ පුළුල් පර්යේෂණ වැඩසටහනකට යොමු විය යුතු වේ. එසේ නොමැතිව අපගේ අපනයන ආදායම ඉහළ යැවීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනීමට ද නොහැක.
     
    කෙසේ නමුත්, 2020 වසර වන විට මෙරට දැනට පවත්නා අපනයන ආදායම දෙගුණයකින් ඉහළ නැංවීම වත්මන් රජයේ අරමුණ බව ද අමාත්‍ය දයා ගමගේ මැතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
     
    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය, ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණායතනය හා ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රය එක්ව මෙම වැඩසටහන සංවිධාන කර තිබිණි.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya