නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සෞඛ්‍ය දිනය අදයි-''දියවැඩියාව වළක්වමු, ප්‍රතිකාර කරමු, පරදවමු''

    අප්‍රේල් 07, 2016

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබේ.

     

    ලෝක සෞඛ්‍ය දිනයේ මෙවර අවධානය යොමු වී ඇත්තේ ගෝලීය වශයෙන් මහත් තර්ජනයක් වී තිබෙන දියවැඩියා රෝගය පාලනය කිරීමට පිළිබඳවයි.

     

    ''දියවැඩියාව වළක්වමු, ප්‍රතිකාර කරමු, පරදවමු'' යන්න මෙවර ලෝක සෞඛ්‍ය දිනයේ තේමාවයි.ලෝක සෞඛ්‍ය සංවිධානය 1948 වසරේ ආරම්භ කිරීම සිදු වූ අතර 1950 සිට ලෝක සෞඛ්‍ය සංවිධානය ආරම්භය සැමරීම සඳහා ආරම්භක දිනය ලෝක සෞඛ්‍ය දිනය ලෙස නම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

     

    ලෝකයේ ජනගහනයෙන් මිලියන 350ක් දියවැඩියා රෝගයට ගොදුරු වී තිබෙන බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය එය ඊළඟ වසර 20 තුළ දෙණයක් විය හැකි බව පවසයි.

    වසර 2012 දී දියවැඩියාව නිසා මිලියන 1.5ක් මියගොස් තිබේ. පහළ හා මධ්‍යම ආදායම ලබන රටවල් වල මේ තත්ත්වය සියයට 80%ක් බව වාර්තා පෙන්වා දෙයි.ලෝකයේ කුඩා දරුවන්ද මේ වනවිට දියවැඩියා රෝගයට ගොදුරු වෙමින් පවතී. වැරදි ආහාර ට්‍රටාව ,ව්‍යායාමවල නොයෙදීම ආදී කාරනා නිසා දියවැඩියා රෝගයට ගොදුරු වන බවත් නිවැරැදි ආරාහර රජාව, නිවැරැදි ජීවන රටාව, ව්‍යායාමවල යෙදීම හා හොඳ ප්‍රතිකාර ලබාගැනීම නිසා දියවැදියාව පාලනය කරගැනීමට හා ඉන් මිදීමට හැකි බව වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

     

    දියවැඩියා සායන සඳහා සමස්ත ලෝක වියදම 2012 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 612ක් වූ අතර මෙය සමස්ත ලෝක සෞඛ්‍ය වියදමෙහි සියයට 11%ක් බව ගණන් බලා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya