පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව පැවසී ය.
හිටපු ජනාධිපතිතුමාගේ ජීවිතය ආරක්ෂා කරන්න අපිටත් වුවමනාවක් තිබෙනවා.හමුදාවේ හා පොලීසියේ නිලධාරීන් 206ක් ආරක්ෂාවට ලබා දී තිබෙනවා. හිටපු ජනාධිපතිතුමාගේ ජීවිතය අනතුරේ දමන්නේ මේ අයයි. ලෝකයටම කියනවා, හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂව අඩුකරලා කියලා.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහත 2010 ජනාධිපතිවරණයෙන් පස්සේ එතුමාගේ ආරක්ෂාව ඉවත් කළා.ජානක පෙරේරා මහතාගේ ආරක්ෂාව අඩුකළා. එතුමා ඝාතනය කළා.අපිට වෙන න්‍යාය පත්‍ර නෑ. හිටපු ජනාධිපතිතුමාගේ ජීවිතය ආරක්ෂා කිරීමට වුවමානාවක් තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.
මෙහිදී අඳහස් දැක්වූ අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ,රටේ ආරක්ෂක තත්ත්වය අනුව ප්‍රභූන්ගේ ආරක්ෂාව වෙනස් වෙනවා.ප්‍රභූ ආරක්ෂාවට ඉන්න නිලධාරීන් ප්‍රමාණය සඳහන් කිරීම වැරදියි.චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආරක්ෂාවට සිටි ප්‍රමාණය අඩු කිරීමට විරුද්ධ වුණේ මම.2010 ජනාධිපතිවරණයෙන් පසු මගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් ඉවත් කළා.හිරේ සිටින කාලයේ ආරක්ෂාවට කවුරුත් නෑ.හිටපු යුද හමුදාපතිට ආරක්ෂාව ලබාදීම වැරදිද? යැයි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසී ය