මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හස්ත කර්මාන්ත ගම්මාන නංවාලීමට පියවර ගැනේ

    අප්‍රේල් 05, 2016
    අනුරාධපුර දිස්ත්‍රික්කය තුල අක්‍රියව පවතින හස්ත කර්මාන්ත ගම්මාන නැවත සක්‍රිය තත්වයට ගෙන ඒ තුලින් එම ගම්මාන වල වෙසෙන ශිල්පීන්ගේ ජීවන තත්වය නගාසිටුවීමටත්, ඔවුන්ගේ නිර්මාණ සංචාරක කර්මාන්තය තුල ප්‍රවර්ධනය කිරීම සදහාත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද වු  සාකච්ඡාවක් ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා අනුරාධපුර දිස්ත්‍රික් හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පසුගිය දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කර්යාලයේ දී පැවැත්විණි.
    මෙහි දී පැමිණි සිටි ශිල්පීන් අදහස් දක්වමින්, තම ගම්මාන තුල හස්ත කර්මාන්තය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය ලබා ගැනීමේ දී පවතින දුෂ්කරතාවයන් හේතුවෙන් හා  නව තාක්ෂණයට අනුව නිෂ්පාදන යන්ත්‍ර සුත්‍ර තමන්ට මිල දී ගැනීමට හැකියාවක් නොමැති කමින් පාරම්පරිකව පවත්වාගෙන ආ තම කර්මාන්තය අභාවයට යමින් පවතින බව පැවසීය.
     
    මෙහිදී අමාත්‍යවරයා පැමිණ සිටි ශිල්පීන් අමතා පවසා සිටියේ, මෙම වසරේ හස්ත කර්මාන්තය ගම්මාන වැඩි දියුණු කිරීම සදහා රුපියල් මිලියන 29ක් වෙන්කර තිබෙන බවයි.මේ යටතේ වෙස් මුහුණු, ලාක්ෂා, බෙර, වෙවැල් භාණ්ඩ, මැටි භාණ්ඩ හා තල්කොල ආශ්‍රිත නිර්මාණ ආදී කර්මාන්තයන් සදහා අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර මිල දී ගැනිමටත් නවීන ශිල්පීය නිපුනතා වැඩි දියුණු කිරීමටත් මෙමගින් අමාත්‍යංශය බලාපොරොත්තු වෙන බවයි.
     
    මෙම විෂය පථය සදහා සෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකටම අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරින් මගින් එම ශිල්පීය ගම්මාන දියුණු කල හැකි ආකාරය පිළිබද ව්‍යාපෘති වාර්තා අමාත්‍යංශය මගින් කැදවීමෙන් අනතුරුව ඒවා අධ්‍යනය කරමින් අදාල ගම්මාන සදහා ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා ඔවුන් සදහා සහනාධාර ලබා දීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.
     
    වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, මෙම ශිල්පීන්ගේ නිෂ්පාදන සදහා වෙළදපොලක් නිර්මාණය කිරීම හා සංචාරක කර්මාන්තය සදහා එම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරිමටත් තම අමාත්‍යංශය විධිමත් වැඩ පිළිවෙලක් සලසා ඇති බවත් පැවසීය. එමගින් මෙම ගම්මාන තුල වෙසෙන ශිල්පීන්ගේ ජීවන තත්වය නගා සිටුවීමටත් නවක තරුණ ශිල්පීන් මෙම කර්මාන්තයන් සදහා පෙළඹ වීමට ඉදිරියේදී එම ගම්මාන ආශ්‍රිතව නව වැඩසටහන් ක්‍රියාවට නංවන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම අවස්ථාව සදහා අමාත්‍යංශ ලේකම් රේනුකා ඒකනායක, අනුරාධපුර අතිරේක දිසාපති ඇතුළු නිලධාරින් සහභාගී විය.    
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya