අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියවැඩියා රෝගය ගෝලීය වශයෙන් විශාල ප්‍රශ්නයක් -වෛද්‍ය ජේකබ් කුමරේෂන්

    අප්‍රේල් 05, 2016

    දියවැඩියා රෝගය ගෝලීය වශයෙන් විශාල ප්‍රශ්නයක් වී තිබෙන බවත්  දියවැඩියාව පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය ජේකබ් කුමරේෂන් මහතා පවසයි.

    කොළඹ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් වෛද්‍ය ජේකබ් කුමරේෂන් මහතා මේ බව පැවසීය.

    දියවැඩියාව පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි.දියවැඩියාව ගෝලීය වශයෙන් විශාල ප්‍රශ්නයක්. අපිට අභියෝගයක් තිබෙනවා.වසර 2016 දී දියවැඩියා රෝගීන් සිව් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

     

    අපි අපේ ජීවන රටාව, ආහාර ගැනීම වෙනස් කළ යුතුයි.මේ ගැටළුව අපගේ උපතේ සිටම ආරම්භ වෙනවා. මව් කිරි දීම හොඳ ආහාර වෙලක් ලබාදීම මව්වරුන්ගේ ප්‍රධාන කාර්යයක්. අහිතකර ආහර වලින් ඉවත් කර හිතකර ආහාර සඳහා යොමු කළ යුතුයි.

     

    රජයටත් කාර්යභාරයක් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩකොටසක් සිදුකරමින් යනවා.මාධ්‍යයට සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා, ජනතාවට සුදුසු දේ පිළිබඳව දැනුවත් කිරීමට.ජාතික වශයෙන් ද ජනතාව දැනුවත් කළ යුතුයි දියවැඩියාවෙන් මුදවා ගැනීමට යැයි ද වෛද්‍ය ජේකබ් කුමරේෂන් මහතා පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya