අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ධීවර කර්මාන්තය නංවන්න පියවර රැසක්

    අප්‍රේල් 05, 2016
    උතුරේ ධීවර කර්මාන්තය නංවාලීමේ වැඩ සටහන යටතේ පේදුරුතුඩුව ධීවර වරාය විශාලතම ධීවර වරාය බවට පත් කිරීමට සැලසුම් කර ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
    මුලතිව්හි ධීවර ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වනුයේ ඔවුන්ට අවශ්‍ය බෝට්ටු හා ධීවර වරායක් ලබා දෙන ලෙසයි.මේ අනුව ඉන්දීය රජයේ ආධාර ඇතිව නොමි‍ලේ බෝට්ටු 150 ක් ලබා දීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය. ඒ මහතා මේ බව අනාවරණය කළේ අද ධිවර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.
     
    ධීවර කර්මාන්තය නංවාලීමේ වැඩ සටහන යටතේ කරෙයිනගර් හී මිලියන 2,000 ක වියදමින් බෝට්ටු යාත්‍රාංගණයක් ඉදි කිරීම, ගුරුනගර් හී වරායක් ඉදි කිරීම හා කලපු 116 ක් සංවර්ධනය කිරීමටත් සැලසුම් කර ඇත.
     
    එමෙන්ම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නංවාලීමේ අරමුණ ඇතිව මඩකලපුව හෙක්ටයාර් 1,000 ක් මිරිදිය මත්ස්‍යයන් ඇති කිරීමට ලබා දී ඇති අතර එහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද කටයුතු යොදා ඇත.
      
    මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වන ධීවර බෝට්ටු රාජ සන්තක කිරීමට ගත් තීරණයෙන් අනතුරුව අනවසර ඉන්දීය ධිවර බෝට්ටුවල පැමිණීමේ අඩුවක් දක්නට ඇතැයි ද පැවසු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට පැමිණිම සදහා මැයි මාසයේදී ඉන්දීය රජය සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බවද පැවසීය. 
     
    දැනට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට කටයුතු යොදා ඇති බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    මුහුදේ මත්ස්‍ය සම්පතින් උපරිම ඵල නෙලා ගැනීම සදහා ගැඹුරු මුහුදට විශාල ප්‍රමාණයේ බහු දින යාත්‍රා යෙදවිය යුතු බවත් සදහන් කළ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ධීවර කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කර ඇති බවද  පැවසිය.
    AP
     
     
     
     
      
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya