අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අද අභියෝගය බෝ නොවන රෝග වළක්වා ගැනීමයි

    අප්‍රේල් 05, 2016

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අද අභියෝගය බෝ නොවන රෝග වළක්වා ගැනීමයි.දියවැඩිය රෝගය ලෝකය පුරා සීග්‍රලෙස වර්ධනය වන රෝගයක්.ආහාර රටාව සහ ජීවන රටාව වෙනස් කිරීම මඟින් දියවැඩියාව පරාජය කිරීමට හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.


    ලෝක  සෞඛ්‍ය දිනයට සමගාමීව,සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයට එක්වෙමින් වෛද්‍ය පී.ජී.මහීපාල මහතා මේ බව පැවසීය.''දියවැඩියාව වළක්වමු,ප්‍රතිකාර කරමු, පරදවමු.''යන තේමාව මෙවර ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් යෙදී තිබේ.

     


    දියවැඩිය රෝගය ලෝකය පුරා සීග්‍රලෙස වර්ධනය වන රෝගයක්.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අද අභියෝගය බෝ නොවන රෝග වළක්වා ගැනීමයි.1980 වර්ෂයේ දී මිලියන 108 ලෝකයේ සිටි දියවැඩියා රෝගීන් සංඛ්‍යාව වසර 2014 දී මිලියන 422ක් දක්වා සිව් ගුණයකින් වර්ධනය වී තිබෙනවා.


    රටේ ජනගහනයෙන් 2,28 000ක් දියවැඩියා රෝගය බලපා තිබෙනවා.සියයට 11%ක් ජනගහනයෙන්. නාගරික ජනගහනයෙන් සියයට 15-20% අතර ප්‍රමාණයක් දියවැඩියා තත්ත්වයට මිහුණ දී සිටිනවා.දියවැඩියාව ව්‍යාප්ත වෙනවා.වසරකට මිලියන 1.5ක් දියවැඩියාව නිසා මිය යනවා.


    දියවැඩියාවෙන් මිදිය හැකියි. උසට සරිලන බර පවත්වාගැනීම, හොඳ සමබර ආහාර වේලක් පවත්වාගෙන යාම, ව්‍යායාමවල යෙදීම, හොඳ ප්‍රතිකාර ලබාගැනීම මඟින් දියවැඩියාවෙන් මිදිය හැකියි.ආහාර රටාව සහ ජීවන රටාව වෙනස් කිරීම මඟින් දියවැඩියාව පරාජය කිරීමට පුළුවන්.

    පසුගිය වසර 6 තුළ මිලියන 600ක් රසායනාගාර සේවා පුළුල් කිරීමට යෙදවා තිබෙනවා. බිලියන 45ක් ඖෂධ සඳහා වෙන් කර තිබෙනවා. සුවදිවි මධ්‍යස්ථන 742ක් දිවයින පුරා ස්ථාපිත කර තිබෙන බවද වෛද්‍ය පී.ජී. මහීපාල මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya