මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාධීන ජනමාධ්‍ය නියාමන අධිකාරියක අවශ්‍යතාව තිබෙනවා - ජනමාධ්‍ය නි. ඇමැති

    අප්‍රේල් 04, 2016

    මාධ්‍යයේ සියලු ප්‍රශ්න රජයකට විසඳිය නොහැකි බවත් මාධ්‍ය වෙනුවෙන් රජයකට නිති සම්පාදනය කරමින් ගමන් මඟ සකස් කළ හැකි බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

    දෙරණ මාධ්‍ය ආයතනයේ දස වැනි සංවත්සරය වෙනුවෙන්  අද (04) දැළි පිහියෙන් කිරි කෑම -02, නූතන මාධ්‍යාවේදියා හමුවේ පවත්නා අභියෝග යන මැයෙන් සංවිධානය කළ මාධ්‍ය කතිකාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    සියලු දෙනාගේ අදහස් මත විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා ස්වාධීන ජනමාධ්‍ය නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීමට අවශ්‍ය බවත්  ඒ අනුව මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් හා විද්තුන් සමඟ මූලාරම්භනය සිදු කර තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය එකක් නොව දෙකක් බවත් ජනතාවට වැඩක් නැති දේවල් හුවා දක්වමින් මාධ්‍ය වානිජකරණයට ලක්වී තිබීම ද කණගාටුවට කරුණක් බවත් කරුණාරත්න පරණවිතාන මහතා සඳහන් කළේය.

    කැබිනට් අනුමැතිය, පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්නා පනතක් තුළින් බලහත් කාරයෙන් මාධ්‍ය සාදාචාරයක් ඇති කළ නොහැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya