අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාති ආගම් පක්ෂ භේද නොතකා රට හදන්න එකතු වෙන්න

    අප්‍රේල් 04, 2016

    යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ජාති ආගම් පක්ෂ භේද ඉවතලා සියලු දෙන එකතුව කටයුතු කළයුතු බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.


    අද අපේ රට අලුත් දිශාවකට ගමන් කරමින් තිබෙනවා. එහි සාර්ථකත්වය ලබන්න  රටේ තාරුණ්‍යයේ බුද්ධිය,  ශක්තිය ඊට එකතු කිරීම ඉතාමත් වැදගත්. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තාරුණ්‍ය  රටේ සන්වර්ධනයට එකතු කර ගැනීමට අවශ්‍ය කටයුතු සුදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව අද මුහුණ දෙමින් තිබෙන අභියෝග හමුවේ තාරුණ්‍යයේ සහයෝගය ඉතාමත් වැදගත්. අද අපේ රට තිබෙන්නේ  වැදගත් සන්ධිස්ථානයක.  බොහෝ රටවල් ඉදිරි සංවර්ධන පියවර වලට ළඟා වී තිබෙන්නේ එරට තාරුණ්‍යයේ ජවය උපයෝගී කර ගනිමින්.

    ශ්‍රී ලංකාව ඒ සඳහා සුදානම් වියයුතුයි. අද අපි ජාත්‍යන්තර අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් තත්වයකට පැමිණ තිබෙනවා. ජාතික හා ජාත්‍යන්තරව ඒ අභියෝගයන්ට මුහුණ දීමේදී තාරුණ්‍ය බල ගැන්වීම ඉතාමත් අවශ්‍යයි. යොවුන්පුරය මගින් එකී බල ගැන්වීම ඉතාමත් සාර්ථකව සිදු වෙනවා. වත්මන් තාරුණ්‍ය තාක්ෂණයෙන්, බුද්ධියෙන්, නිපුනතාවයෙන් බල ගැන්වීම මෙම යෝවුන්පුරය හරහා සිදු කිරීම ඉතාමත් වැදගත් බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගිය දා පැවැති යොවුන්පුර වැඩසටහනට එක්වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya