අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසරණ පවුලකට ''ගමින් ගමට දොරින් දොරට''වැඩසටහන යටතේ නිවාස ආධාර

    අප්‍රේල් 04, 2016

    දෑස් නොපෙනෙන, ඇවිදීමට නොහැකි ආබාධිත දරුවකු රැකබලා ගනිමින් කටුමැටි නිවසක ජීවත්වන ගලෙන්බිඳුණුවැව පදිංචි එච්. පී. ජී. ආරියසේන මහතාගේ පවුලට  ''ගමින් ගමට දොරින් දොරට''වැඩසටහන යටතේ නිවාස ආධාර පිරිනමයි.

    නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් මෙම නිවාස ආධාර පසුගිය දා ලබාදී තිබේ.

    දෑස් නොපෙනෙන, ඇවිදීමට දෙපා වාරු නොමැති අවුරුදු 9 ක් වැයසැති එච්. පී. ජී. තීක්ෂණ කාවින්ද දැරුවා රැකබලා ගන්නා ගලෙන්බිඳුණුවැව, දුටුවැව 09 කොටසේ අංක 687 බී ස්ථානයේ ඥාතියෙකුගේ ඉඩමක තනාගත් කටුමැටි නිවසක පදිංචි එච්. පී. ජී ආරියසේන මහතාගේ පවුලට නිවසක් තනා ගැනීමට රුපියල් ලක්ෂ දෙකක නිවාස ආධාර මුදලක් මෙලෙස ප්‍රදානයක කර ඇත.


    නිවසක් තනා ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම මූල්‍යාධාරය ලබා දී තිබේ.

    මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. ඒ. කේ. කේ. අතුකෝරාල, උතුරු මැද පළාත්සභා මන්ත්‍රී පී. සහිදු, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලංසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya