අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වව්නියාවේ "සංහිඳියාවේ සත්විරුගම" අද විවෘත කෙරේ

    අප්‍රේල් 03, 2016

    වව්නියාව කොක්එලිය  ප්‍ර‍දේශයේ ඉදි කළ "සංහිඳියාවේ සත්විරුගම" නිවාස  ව්‍යපෘතිය සත්විරුවන් වෙත  පැවරිමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන්  අද (03) සිදු කෙරේ.

    මෙම නිවාස ව්‍යාපෘතිය පර්චස් 40 බැගින් වූ ඉඩම් කොටස් 80කින් සමන්විත වන අතර ඉදි කිරීම් අවසන් කර ඇති නිවාස 51ක් රණවිරුවන් වෙත පැවරීම අද සිදු වේ.

    සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයක්ද සම්ප්‍රදායන් හා චාරිත්‍ර සමඟ සිදු කිරිමට කටයුතු සුදානම් කර ඇති බවත් ජාතීන් අතර සංහිඳියාව වැඩි දියුණු  කිරීමේ  අරමුණින් මෙවැනි වැඩසටහන්  ක්‍රියාවට නැංවේ.

    ආරක්ෂක අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ  ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 56 සේනාංකයේ මෙහෙයවිමෙන්,   අපි වෙනුවෙන් අපි  නිවාස අරමුදලින්  සහ රජයේ අරමුදල් යොදවා ඇත.

    මෙම එක් නිවසක් සඳහා රුපියල් මිලියන 02ක් වැය කර තිබෙන් අතර  අනෙකුත් පොදු  පහසුකම්‍ ලෙස ක්‍රීඩා පිටියක් , ප්‍රජා ශාලාවක් හා ළමා උද්‍යානයක් ද ලබා දිමට කටයුතු  කර ඇත.

    තවද නිවාසයන්හි  ගෙවතු  සැකසීම හා අලංකරණය සඳහා අදාළ රෙජිමේන්තුවල සහය ලබා ගැනීම සඳහා ද කටයුතු කර ඇත.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya