අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාෂා සංචිතයක් ස්ථාපිත කිරීමට පියවර

    අප්‍රේල් 03, 2016

    භාෂා ගැටලුවට අන්තර්කාලීන විසඳුමක් වශයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් ද්විභාෂා/ත්‍රෛභාෂා ප්‍රවීණතාව සහිත පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඇතුළත් දත්ත සංචිතයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව එම දත්ත සංචිතයේ‍ තොරතුරු සියලුම රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන සහ මහජනතාව වෙත විවෘත කිරීමට හා අවශ්‍ය අවස්ථාවන්හිදී ඔවුන්ගේ සේවය රාජ්‍ය ආයතන වෙත ලබාගැනීම ද සිදු වේ.

    මේ සඳහා කැබිනට් අනුමැති ද ලැබී ඇති අතර සෑම පුරවැසියෙකුටම තම මව්බසින් රජය සමඟ කටයුතු කිරීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇත.

    මෙම අයිතිය ක්‍රියාවට නැංවීම පිණිස රජය විසින් වරින්වර නොයෙකුත් පියවර ගෙන තිබුණද තවමත් රාජ්‍ය ආයතනවල සිංහල /දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා දෙකකින් (ද්විභාෂා) හෝ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා තුනෙන්ම (ත්‍රෛභාෂා) කටයුතු කිරීමට හැකි නිලධාරින්ගේ සැලකිය යුතු ඌනතාවක් පවති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya