මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙබරවාරි මාසයේ විදුලි හොරු 223 ක් නීතියේ රැහැනට

    අප්‍රේල් 03, 2016

    ලංවිම හදිසි  වැටලීම් අංශ  නිලධාරීන්  විසින්  පෙබරවාරි  මස තුළ ලංකාවේ දීපව්‍යාප්තව සිදු කළ වැටලීම්  තුළින් රු 9,005,433.04 (ලක්ෂ 90) ක ආදායමක් ලබා ඇති අතර එම මුදලින් රු.975,000.00 ක් උසාවි දඩ වශයෙන් ගණන් බලා ඇති බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය සඳහන කරයි.

    ඒ අනුව මීටර් වෙනස් කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබාගැනීම් වැනි අයථා විදුලි පරිහරණයන් පිළිබඳ සිද්ධීන් 223 ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් සිද්ධීන් 161 ක් වංචා සහගත ලෙස මීටර් සැකසීම තුළින් විදුලිය ලබාගැනීම් වේ. ඉතිරි සිද්ධීන් 62 කොකු යොදා අයථා ලෙස විදුලිය ලබාගැනීම් ලෙස හදුනාගෙන තිබේ.

    මෙලෙස විදුලි මීටර් වංචනික ලෙස සකස් කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබාගැනීම් වැනි ක‍්‍රියාවන්හි නිරතවන වංචාකාරී පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරදීමට සහයෝගය දක්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි.

     එවැනි යම් වංචාකාරී ක‍්‍රියාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව දුරකතන අංක 0112422259 ඔස්සේ ලං.වි.ම. විමර්ශන අංශය දැනුවත් කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටි.

    මෙසේ නීතිය ඉදිරියේ වරදකරුවන් වන අයට පමුණුවන ලබන මූල්‍යමය සහ අනෙකුත් දඩුවම් වලට අමතරව ඔවුන්ගේ විදුලි සබඳතා නැවත ලබාගත නොහැකි අයුරින් විසන්ධි කිරීමද ක‍්‍රියාත්මකවන බව විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya