අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක ආර්ථිකවිද්‍යා හා හෝටල් කළමනාකරණ ගැන සම්මන්ත්‍රණක්

    අප්‍රේල් 03, 2016

    කොළඹ විශ්වවිද්‍යාලීය ආර්ථිකවිද්‍යා දෙපාර්තමේන්තුව හා සංචාරක ආර්ථිකවිද්‍යා හා හෝටල් කළමනාකරණ පාඨමාලාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒකාබද්ධව සංවිධානය කරන පර්යේෂණ පදනම් කර ගත් සම්මන්ත්‍රණය අනිද්දා (05) කොළඹ විශ්වවිද්‍යාලීය සනාතන ශාලාවේදී පැවැත්වේ.


    “අධ්‍යයන පර්යේෂණ සොයා ගැනීම් ශ්‍රී ලංකාවේ තිරසාර සංචාරක සංවර්ධනය සඳහා” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේදී කොළඹ විශ්වවිද්‍යාලීය සංචාරක ආර්ථිකවිද්‍යා හා හෝටල් කළමනාකරණ ශාස්ත්‍රපති පාඨමාලාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ සොයා ගැනීම් සාකච්ඡාවට බඳුන් කෙරේ.

    සංචාරක කර්මාන්තයේ ප්‍රධාන කොටස්කරුවන්ගේ සහයෝගය ඇතිව පැවැත්වීමට නියමිත මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ, සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ, පරිසර විද්‍යාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය සරත් කොටගම මහතා විසින් පවත්වනු ලබන බව කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථිකවිද්‍යා හා හෝටල් කළමනාකරණ ශාස්ත්‍රපති පාඨමාලාවේ සම්බන්ධීකාරක ආචාර්ය සුරංග සිල්වා මහතා පවසයි.

    තවද පර්යේෂණ වල ප්‍රායෝගික ප්‍රතිඵල පදනම් කර ගනිමින් ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමනට ඇති අභියෝග සාකච්ඡාවට ලක් කෙරෙනු ඇත. එමෙන්ම තිරසාර සංචාරක සංවර්ධනය කෙරෙහි බලපාන ගැටලු හා අභියෝග සංවර්ධනය කිරීමේදී මුහුණ දීමට සිදුවන ගැටලු හා අභියෝග පිළිබඳ සංවේදී අධ්‍යයනයක් සිදු කිරීමටද අපේක්ෂිතයි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.ජේ.බී. සුගතදාස, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති පැඩී විතාන යන මහත්වරු ඇතුළු සංචාරක ක්ෂේත්‍රෙය් ප්‍රවීණයෝ රැසක් සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya