ජනමාධ්‍ය හා කලා ක්ෂේත්රයේ ප්රමුඛ කලාංග රැසක් එක් කළ ජීවිතයෙන් සමුගත් ගාමිණී විජේතුංග මහතා 14 වැනි ගුණසමරු උළෙල ඊයේ (31) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති අතර එහිදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා එම උළලේ මුඛ්‍ය දේශනය පැවැත් වූ අතර එහිදී දෙසති සඟරාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ඔහු සිදු කළ සේවාව ඇගයීමට ලක් කළේය.
ගාමිණී විජේතුංග වීරචිත ගීතාවලියක් ඇතුළත් CD පටයක් හා ඔහුගේ විචාර කෘති කිහිපයක් ද මෙහිදී ජනගත කෙරිණි.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.