කරු ජයසුරිය මහතා මේ බව කියා සිටියේ කොළඹ පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශ ශ්‍රාවණාගාරයේදී පැවැති "දේශ" පොලිස් සඟරාව එලිදැක්වීමේ උළලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක් වෙමිනි.
සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න, මහාචාර්ය කමල් වලේබොඩ, පොලිස්පති කේ.එන්. ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුඵ උසස් පොලිස් නිළධාරීන් හා ජනමාධ්‍යවේදීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සඟරාවේ සංස්කාරක මාධ්‍යවේදී උපපොලිස් පරික්ෂක අතුල වී සමරවීර මහතා විසින් මෙහිදී කථානායකවරයා ඇතුළු ආරාධිතයන්හට "දේශ" සඟරාව පිරිනැම සිදු විය.
පොලිස් සේවයේ ගුණාත්මකභාවය වැඩි කොට එම නිලධාරින්ගේ ආත්ම ගෞරවය හා අභිමානය රැක ගනිමින් පොලිස් සේවය ජනතා ප්‍රසාදයට පත් කිරීම වෙනුවෙන් මෙවැනි සඟරා වැදගත් වන බවත් සිරිත්, නීති බවට පත් වෙද්දී නීතිය හා සාමය ආරක්‍ෂා කරමින්, ජනතා ජීවිත හා දේපළ ආරක්‍ෂා කිරීම රජයේ බරපතල වගකීමක් බවට පත් වීමත් සමඟ පොලීසිය පිළිබඳ සංකල්පය ආරම්භ වන බව කතානායකවරයා පෙන්වා දුන්නේ.
ඒ මහතා ප්‍රකාශ කළේ දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොර රාජ්‍ය සේවයක් අප රට නැවත ප්‍රතිස්ථාපනය කරනු සඳහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ස්වාධීන කොමිෂන් සභා නවයක් පත් කළ බවයි.
නීතියේ මූලධර්මයක් වන “ස්භාව යුක්තිය” පිළිබඳ අවබෝධයක් පොලිසියට තිබිය යුතු අතර දෙපැත්තට කන්දීම මෙහිදී වැදගත් වන බවත් කිසිදු පුද්ගලික ප්‍රතිලාභයක් නොලබා අවංකව සේවය කළ පොලිස් නිලධාරීන් විශ්‍රාම ගිය පසුත් ජනතා ප්‍රසාදයට පාත්‍ර වන ආකාරය දැකිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.