නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැරණි විදුලි මීටර් වෙනුවට ස්මාර්ට් විදුලි මීටර්

    මාර්තු 31, 2016

    පසුගාමී තාක්ෂණය ඉහළට ගෙන එමින් ගල්යුගයේ විදුලි මීටර් වෙනුවට ස්මාර්ට් විදුලි මීටර් සෑම ගෘහයකටම ලබාදීමට පියවර ගන්නා බව විදුලිබලහා පුර්ජනනිය බලශක්ති අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

    එම වැඩපිළිවෙළ බස්නාහිර පළාතෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එම විදුලි මීටර් ලබන වසරේ සිට මේ රට තුළම නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

     

    මෙම නව මීටර් හඳුන්වා දීමෙන් පසු විශාල වශයෙන් විදුලිය ඉතුරු කර ගැනීමට හැකි වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වන විට පැරණි විදුලි මීටර් මිලියන 6ක් පමණ තිබෙන අතර වසර 2ක් ඇතුළත සෑම නිවසකටම ස්මාර්ට් මීටර් ලබා දීම සිදු වන බව ද සඳහන් කළේය.

     

    මෙම විදුලි මීටර් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් මෙරට නිෂ්පාදනය වන බැවින් එම මීටර් අපනයනය කිරීමට ඉදිරියේ දී හැකි වනු ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ මාස 6ක පමණ කාලයක සිට සුවිශේෂි ජාතික විදුලි ප්‍රතිපත්ති වැඩපිළිවෙළක් සකස් කළ බව ද ඒ මහතා සඳහන් කළ අතර ඒ පිළිබඳ කරුණු වශයෙන් ඉදිරියේදී දැනුවත් කිරීම් සිදු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya