මොරොක්කෝ රාජ්‍යයේ පැවතී crans montana සමුළුවට සහභාගිවූ අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා එරට ධීවර ව්‍යවසායකයින්ගේ සමුළුවේ සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවෙන් මාළු ආනයනයට කැමැත්ත පළ කළේය.
මෙම සාකච්ඡාවේදී මොරොක්කෝ රාජ්‍යයයේ ව්‍යවසායකයින්ගේ සමුළුවේ සභාපතිවරයා පැවසුවේ තම රටට වැඩි වශයෙන් මාළු ආනයනය කරනුයේ වියට්නාමයෙන් බවය.
ඒ පිළිබඳව එරට ධීවර අමාත්‍යවරයා දැනුවත් කර තමා දැනුවත් කරණ බව මොරොක්කෝ රාජ්‍යයේ ව්‍යවසායකයින්ගේ සමුළුවේ සභාපතිවරයා කියා සිටී බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙලෙස මොරොක්කෝ රාජ්‍යයට මාළු අපනයනයට අවස්ථාව උදාවුවහොත් එය රටක් ලෙස ලබන විශාල ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙම සංචාරයේදී අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඩක්ලා වරායේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වීය.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යතුමාගේ දැඩි අවධානයට ලක්වූයේ එරට පන්න ක්‍රම සහ ඔවුන් භාවිතා කරණ දැල් පිළිබඳවය.
බෝටම් ට්‍රෝලින් පන්න ක්‍රම එරට ධීවරයින් බහුලව භාවිතා කරන බව මෙම චාරිකාවේදී අමාත්‍යතුමාට නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත.
මොරොක්කෝ රාජ්‍ය සිය මාළු අස්වැන්න මනා අවබෝධයකින් හා නිසි වැඩපිළිවෙලක් යටතේ යුරෝපීය රටවල් වලට අපනයනය කරන බව දැනගැනීමට ලැබුණු බව අමාත්‍යවරයා පැවසීය.
අන්තර්ජාතික නීතීන්ට අනුකූලව පවත්වාගෙන යන ඩක්ලා මත්ස්‍ය සැකසුම් මද්‍යස්ථානයද, එහි නිෂ්පාදන කටයුතුද අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී තමන්ට දැකගැනීමට ලැබුණු අප්‍රියම හා කලකිරීමට හේතුවූ දසුන වූයේ දහස් ගණනක් කිරි මෝරුන් මරා දමා සිටීම බව සඳහන් කල අමාත්‍යතුමා ඒ පිලිබඳව කොතෙක් විමසීම් කළද නිසි පිළිතුරු ලබාදීමට කිසිඳු අයෙකු ඉදිරිපත් නොවූ බවද අමාත්‍යතුමා කියා සිටියේය.
AP