ඇමතිවරයා එසේ පැවසුවේ පසුගියදා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ජාතික සමාජ සංවර්ධන ආයතනය යටතේ ඇති සමාජ සේවා විද්‍යාලයේ වාර්ෂික උපාධි හා ඩිප්ලෝමා සහතික පත් ප්‍රධාන උළෙලට සහභාගි වෙමිනි. සමාජ සේවා විද්‍යාලයේ 2011-2015 අධ්‍යයන වර්ෂයේ උපාධිලාභීන් 56 දෙනෙක් හා 2013 -2015 අධ්‍යයන වර්ෂවල ඩිප්ලෝමාධාරීන් 401 දෙනෙකුට සහතික පත් ප්‍රදානය කරමිනි.
ඒ මහතා ප්‍රකාශ කළේ මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා විවිධ අයුරින් අරමුදල් සොයා ගැනීමටත්, රට කරවන අයගේ අවධානය මේ පිළිබඳ යොමු කිරීමටත් තමා බලාපොරොත්තු වන බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය භාර ගත්තට පස්සේ මේ විද්‍යාලය පිළිබඳ මගේ සිහින ටිකක් තිබෙනවා. ඒවා මෙහි උසස් නිලධාරින් ලඟත් තියෙන සිහින බව මා දන්නවා. මේක සැබැවින්ම විශ්වවිද්‍යාලයක් කිරීම තමයි ඒ සිහිනය. මේ ඩිප්ලෝමාව හා උපාධිය මෙරට පිළිගත් විශ්වවිද්‍යාලයකින් දෙන උපාධියක් බවට පත්කරන එකයි. එහි අවසන් අදියරේ අපි ඉන්නවා.
මේ විද්‍යාලය විශ්වවිද්‍යාල පරිසරයක් තියෙන පරිසරයකට බිමකට ඉතා ඉක්මනින් අරං යන්න ඕන. ඒ සඳහා ක්‍රමවේද ගණනාවක් තියෙනනවා. පළමුවැනි එක තමයි ආණ්ඩුවෙන් සල්ලි ටිකක් ඉල්ල ගන්න එක. ඒකට කැබිනට් පත්‍රය අපි දාලා තියෙන්නේ.මම හිතන්නේ නෑ ඒක මේ අවුරුද්දේ වෙයි කියලා.මගේ එහෙම විශ්වාසයක් නැහැ. සමහරවිට ලබන අවුරුද්දේ සල්ලි ටිකක් ඉල්ල ගන්න පුළුවන්.
අවුරුද්දේ අතරමග සල්ලි ගන්න අමාරුයි. එහෙම නැත්නම් මම හිතන්නේ මේ ආයතනයට අනුබද්ධ කරල රටට හා ලෝකයට හෙට දිනයේදී අත්‍යවශ්‍ය වෘත්තිය පුහුණු පාඨමාලා ගණනාවකුත් එක්ක මෙම පාඨමාලාව බද්ධකරලා ඒ සඳහා අපි මේ රටේ හෝ පිටරට හොඳ ආයෝජකයෙක් එක්ක ජාතික සමාජ සංවර්ධන ආයතනය ගොඩ ගැනීම.
තුන්වැනි විසදුමකුත් තියෙනවා . ඒක තමයි අපේ සමෘද්ධි බැංකුවල තියෙන ඉතිරිකිරීමේ මුදල්වලින් මේ ගොඩනැගිල්ල හදන්න ආණ්ඩුවට ණයක් දීලා ඒකේ පොළිය අපි ගන්න එක.
ලංකාවේ තියෙන ආබාධිත පුහුණු ආයතන, මේ සමාජ සේවා විද්‍යාලයේ තත්වය හා රජය විසින් නඩත්තු කරන වැඩිහිටි නිවාස ,මහා ශෝක කලාපයන්.සමාජසේවා අමාත්‍යාංශය ඒවාට සල්ලි ඉල්ලුවාට පසුගිය අයවැය වාර්තා දිහා බැලුවම සල්ලි දීපු බවකුත් පේන්න නැහැ.“