අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ඇමැතිගේ මැදිහත්වීමෙන් කුලියාපිටියේ දරුවාට තවත් අත්වැලක්

    මාර්තු 29, 2016


    මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරන කුලියාපිටියේ දරුවා මේ වන විට පදිංචිව සිටින කුලී නිවසේ වසරක කුලී මුදල ලබාදීම සඳහා  පෞද්ගලික ආයතනය අද  ඉදිරිපත් වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

     ඒ අනුව එම සමාගම ඊට අදාළ චෙක්පත  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරයවසම් මහතා වෙත ලබාදීම සිදුවිය.


    පසුගිය දිනවල සමාජය තුළ වැඩි අවධානය  හිමි කර ගත් කුලියාපිටිය දරුවාගේ  ඉදිරි අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු කර ගෙන යාම සඳහා ඔහු දැනට ඉගෙනුම ලබන මහනුවර ප‍්‍රදේශයේ පාසල ආසන්නයෙන්ම නිවසක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සෘජු උපදෙස් මතයි.

    සමාජ සංවේදී සිදුවීම්වලදී මානුෂීයව මැදිහත්වීම පිළිබඳ තමා පුද්ගලිකවම එම පෞද්ගලික ආයතනයට අමාත්‍යවරයා ස්තූතිය පල කර සිටියේය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඩබ්.එම්. බන්දුසේන මහතා, අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන අතිරේක ලේකම් හේමන්ත පේ‍්‍රමතිලක මහතා, පාසල් පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා රේණුකා පීරිස් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya