අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ බලපෑම් මත ව්‍යවස්ථාව සෑදීමක් නැහැ- කතානායක

    මාර්තු 29, 2016

    නව ව්‍යවස්ථාවක්  හෝ  ව්‍යවස්ථා  සංශෝධනයක් ගැන මෑත භාගයේ ශ්‍රී ලාංකික  ජනතාව ඉතා උනන්දුවෙන්  කටයුතු  කර තිබෙන බවත් එය මේ වන විට ඉටුකළ යුතු පැහැර හැරිය නොහැකි ජනතා අවශ්‍යතාවයක්  ජන මතයක්  බවට පත්ව තිබෙන බවත් කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

    බත්තර මුල්ල "වෝටර්ස් එජ්" හීදී  ඇරඹී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාකරණය පිළිබඳ වැඩමුළුවේ  සමාරම්භක උත්සවය අමතමින් අද (29) කතානායකවරයා මේ බව සඳහන් කළේය.


    ඒ සම්බන්ධයෙන් සියලු තනි දේශපාලන අදහසකින් තොරව රජය විසින් පත් කරන ලද  විමර්ශන කමිටුවත් මහජන අදහස් විමසමින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව ජනමතයට කන් දෙමින්  සිටින බවත් ලබන අප්‍රේල් 05 වන දින පැවැත්වෙන ව්‍යවස්ථාදායක සභාවෙන් පසු වැඩිකල් නොගොස්  සියලු දෙනාටම සෑහිමකට පත්විය හැකි  මතයකට පැමිණිමට හැකි වෙතැයි  තමා විශ්වාස කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

     නව පාර්ලිමේන්තුව බලයට පැමිණ ගතවූ  මේ මාස 07 තුල අපට සතුටු විය හැකි පියවර ගණනාවක් රට වෙනුවෙන්  ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉදිරියට තබා තිබෙන බව පෙන්වා දුන් කතානායකවරයා පූර්ණ බලැති  අණ්ඩුක්‍රම ව්‍යස්ථා  සභාවක් තුළින් ස්වාධින කොමිසන් සභා බිහිකිරීමට හැකි වූ බව ද සඳහන් කළේය.

    අගමැතිතුමාගෙන්  ප්‍රශ්ණ  ඇසීමේ නව ක්‍රමවේදයක් ආරම්භ කර තිබෙන බවත්  අධීක්ෂණ කමිටු කිහිපයක් මේ වන විට සිය කටයුතු  අරඹා තිබෙන අතර, අනිත්  කමිටුද  දැන්  ඇති කරමින් තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    දැනුම පුළුල්කර ගැනීම සදහා ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ශිෂ්ට සම්පන්න ජා‍තීන්ගෙන් ලැබෙන සහාය ලබා ගන්නවා මෙන්ම ඔවුන්ගේ අත්දැකිම්ද   අධ්‍යනය කිරීමට සුදානම් බවත් රට ලෝකයේ ඉහළින් ඔසවා තැබීමේ ව්‍යවස්ථාවක් සෑදීම තනි පක්ෂයකට කළ නොහැකි බවත් කතානායකවරයා සඳහන් කළේය.

    එය පාර්ලිමේන්තුවේ සිටින සෑම  මන්ත්‍රීවරයෙකුටම  පැවරෙන  ඓතිහාසික වගකීමක් සහ යුතුකමක් වන බවත් කිසිදු විටෙක විදේශිය බලපෑම්  අනුව  ව්‍යවස්ථාවක් සෑදීමට  පාර්ලිමේන්තුවට අවශ්‍ය නැති බවත් ඒ මහතා පැවසීය.

    නමුත්, මේ මොහොතේදී ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, මහාබ්‍රිතාන්‍යය, ජර්මනිය සහ තවත් රටවල් ගණනාවක් ස්වකීය අත්දැකීම් බෙදා ගනිමින් ඉල්ලා සිටින සහායක් ලබා දීමට  කැමැත්තෙන් සිටින බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමස්ත සම්බන්ධීකරණ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya