මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාබෝලේ ඇවිදින මංතීරුව ගලවා දැමුවේ අප නොවෙයි. - අමාත්‍ය පාඨලී චම්පික රණවක

    මාර්තු 28, 2016
    මාබෝල ප‍්‍රදේශයේ ඇවිදින මංතීරුව ඉවත් කිරීම සිදු කර ඇත්තේ අප අමාත්‍යාංශය මගින් නොවෙයි. එම මංතීරු ඉවත් කරපු අයම එය නැවත සකස් කිරීමට කටයුතු කරයි. අපි නගර සංවර්ධනයේදී සෑම තීන්දුවක්ම ගන්නේ ජනතාව සමග සිටයි යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ කොට්ටාව නගර සංවර්ධන කටයුතු ආරම්භ කරමින්, බස්නැවතුම් පලෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් පැවැති උත්සව සභාව අමතමිනි.
    ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ඊයේ මාධ්‍යවල විශේෂ අවධානයක් යොමු වුනා. මේ මාබෝල ප‍්‍රදේශයේ ඇවිදින මංතීරුවක් ගලවා දැමීමේ සිද්ධිය ගැන. අපේ අමාත්‍යාංශය මගින් පාලනය වන හෝ අපි ගොඩනගපු ඇවිදින මංතීරුවක් නෙවෙයි ඒක. පහුගිය කාලේ අතහැරලා දාල තිබිලා අපි ප‍්‍රතිෂ්ථාපනය කළා. අපිට ඉල්ලීමක් ආවා ඉඩම් අමාත්‍යාංශයෙන් ඒ ඇවිදින මංතීරුව තිබෙන ඇළ අසලින් පාරක් ඉදිකරන්න අවසර ඉල්ලලා. එයට අපේ ඉඩම් සංවර්ධනය කිරීමේ මණ්ඩලයෙන් ප‍්‍රතිචාර දක්වලා තිබෙනවා. ඒ ඇල සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට අනාගතයේ අපේ ඒ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගැනීමට ඉඩ දෙන පරිද්දෙන් ඒ පාර හැදුවට කමක් නැහැ කියලා. අපි කවුරුවත් කියලා නැහැ ඇවිදින මංතීරු විනාශ කරන්න හෝ එහෙම නැත්නම් වෙනත් ආකාරයකට කටයුතු කරන්න කියලා. මම හිතනවා ඒ මාවත ගලවපු අයම නැවත සකස් කරලා ඒ ජනතාවට ලබාදෙයි කියලා. 
     
    ඒ වගේම කෙටියන් නමුත් මම කියන්න  ඕනේ අද පවතින මේ විදුලි අර්බුදය ගැන. මම බොහොම පැහැදිලව කියන්න  ඕනේ මිත්‍යාමත කිහිපයක් තියෙනවා මේ සම්බන්ධව. එකක් තමයි මේ නියඟයක් නිසා විදුලි අර්බුදයක් ඇතිවුණා කියන එක.  මේ රටේ කිසිම නියඟයක් නැහැ. මේ තියෙන්නේ සාමාන්‍ය ක‍්‍රමය, කොහොමත් අපේ රටේ දෙසැම්බර් මාසේ ඉඳන් ජූනි මාසේ වෙනකන් වහින්නේ නැහැ. නිරිත දිග මෝසම් සුළඟත් නැහැ. ඊසාන දිග මෝසම් සුළඟත් නැහැ. ජනවාරි මාසෙත් සෑහෙන්න වැහැල තියෙනවා ජලාශ ප‍්‍රදේශවලට. ඒ නිසා නියඟයක් තියෙනවා ලයිට් කපන්න වෙලා තියෙනවා කියන එක මිත්‍යාවක්.
     
    අද මේ රටේ උපරිම විදුලි ඉල්ලූම මෙගාවොට් 2,00 යි නමුත් ධාරිතාව තියෙනවා 4,000 ක්. 4,000 ක් තියාගෙන 2,300ක් දෙන්න බැහැ කියල කියන්න බෑ කාටවත්. ධාරිතාව නැහැ, ආණ්ඩු වියදම් කරලා නැහැ කියල කාටවත් කියන්න බැහැ.
     
    ඊළඟට හුඟාක් දෙනෙක් දෝෂාරෝපණය කරනවා පුත්තලමේ බලාගාරය ගැන. ඒකේ ඒ බරපතල අඩුපාඩුකම් තියන බව ඇත්ත. නමුත් ඒ බලාගාර හැදුවේ දේශපාලනඥයින් නෙමෙයි. ඒ බලාගාරය හැදුවේ ඉංජිනේරු මහත්වරු. ඒ බලාගාරය හදන්න ගිවිසුම් අත්සන් කළේ 2005 සැප්තැම්බර් 30 චීනයේදී. එවකට ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය.
     
    ඒ බලාගාර ගිවිසුම අත්සන් කළේ දේශපාලකයෙක් නෙමෙයි. ඒ ගිවිසුම අත්සන් කළේ එවකට ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු ජේෂ්ඨම ඉංජිනේරුවා වූ සාමාන්‍යාධිකාරී රංජිත් ෆොන්සේකා මහත්තයයි. ඒ ගිවිසුම් ප‍්‍රකාරව යන්ත‍්‍ර ඉදිවෙලා නැත්නම් ඒකට චන්ද්‍රිකා මැතිණියවත්, ඊට පස්සේ ආව මහින්ද මහත්තයවත්, මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයවත් වග කියන්න  ඕනේ නැහැ. ඒක ඒ ඉංජිනේරු මහත්වරු ගොඩනගපු දෙයක්. හැබැයි මම නම් ඒකේ අඩුපාඩුව දැක්කා. නමුත් ඒ අවස්ථාවේ අපිට වෙන විකල්පයක් තිබුණෙ නැහැ.
     
    ඒ නිසා අපි 2011 දි විශේෂ යෝජනාවක් ඉදිරිපත් කලා බලාගාරය කරගෙන යන ආකාරය ගැන. මේ කොහොම උනත් දැන් අපි ඒ බලාගාරය පවත්වාගත යුතුයි. ඒ බලාගාරය මේ රටේ විදුලි පද්ධතියට ශක්තියක්. දොස් ඇහුවට, ඒක පවත්වාගෙන යාමේ වගකීම තිබෙන්නේ ඇමතිතුමාලට නොවෙයි ඉංජිනේරු මහත්වරුන් අතයි. ඒ නිසා මම කියන්න කැමතියි කෘතීම විදුලි අර්බුදයක් නිර්මාණය කරන්න හදන්න එපා කියන එක. එවැනි කිසිම විදුලි අර්බුදයක් අපේ රටේ නැහැ. 2011 ජූනි මාසේ ඉඳන් 2012 සැප්තැම්බර් මාසේ වෙනකන් එක වැහි බිංදුවක් නැතිව මාස 16 ක් ලංකා විදුලි බල මණ්ඩලය ගෙනියන්න පුළුවන් වුණානම් මේ මාසයක් පෑව්වයි කියලා ඒක කරන්න බැරිවෙන්න හේතුවක් නැහැ.මේක ස්වභාවික අර්බුදයක් නෙමෙයි. මේක කෘතිම අර්බුදයක් බව මම බොහොම පැහැදිලිව කියනවා.
     
    මෙවැනි අර්බුද අපට එනවා. පහුගිය කාලේ ගත්ත කෙටිකාලීන ණය, භාණ්ඩාගාර බිල්පත්වල බර ඔක්කොම මේ රජය මත එනවා. මේ රජයට ඒ ශක්තිය තියෙනවා මේ අභියෝග ජයගෙන ඉදිරියට ගෙන යන්න. මේක අලූත් අත්දැකීමක්. කවුරු, වලවල් කපන්න ආවත්, කවුරු අර්බුද මවන්න ආවත් අභියෝග ජයගෙන අපි පෙරට යමු.
     
    ඒ වගේම මේ බස්නාහිර පළාතම මහා නගරයක් බවට පරිවර්තනය වන අතරේ මහරගම, කොට්ටාව අපේ මේ රටේ ජනතාවගේ හද ගැස්ම තීරණය කරන මේ ප‍්‍රදේශය විධිමත් වෘත්තීයවේදීන්ගේ  ඒ වගේම ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ මහා කේන්ද්‍රයක් බවට පරිවර්තනය කරන්න ඇප කැපවී කටයුතු කරමු යැයි පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya