අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීමා නිර්ණය පිළිබඳ දිස්ත්‍රික්ක 8 ක් විමර්ශනයට ලක් කර අවසන්

    මාර්තු 28, 2016
    පෙබරවාරි 20 වෙනිදා වන විට කොට්ඨාශ සීමා නීර්ණයෙන් යෝජනා කර ඇති මුළු කොට්ඨාශ 4,833 න් කොට්ඨාශ 1,885 කට අදාළව පැමිණිලි ලැබී ඇති බව අනාවරණය විය.
    මේ බව අනාවරණය වුයේ පළාත් සභා මැතිවරණය හා පවතින වත්මන් තත්ත්වය පිළිබඳ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.
     
    සීමා නිර්ණය පිළිබඳ අභියාචනා විමර්ශන කමිටුව වෙත පැමිණිලි භාර ගැනීම පෙබරවාරි 20 වෙනිදායින් අවසන් වීමට නියමිතව තිබුනද මේ වන විටත් පැමිණිලි ලැබෙමින් පවතින බැවින්  තවත් මාස 6 කින් එය දිර්ඝ කළ බව  අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    මේ වන විට මෙම කමිටුව විසින් දිස්ත්‍රික්ක අටක පැමිණිලි විමර්ශනය කර ඇති බවත් එම කමිටුවට ඉදිරිපත්වී ඇති පැමිණිලි සලකා බැලීමේදී සෑම දිස්ත්‍රික්කයකම කොට්ඨාශ සීමා නිර්ණය නැවත සිදු කළ යුතු බවද මෙහිදී අනාවරණය විය.
     
    කොට්ඨාශ මායිම් සහ සංයුතිය වෙනස් කිරීම, කොට්ඨාශවල නම් වෙනස් කිරීම, අංක වෙනස් කිරීම ලැබී ඇති පැමිණිලි වර්ගයන් වේ.
     
    මෙම සීමා නිර්ණයන් සදහා ගතවන කාලයට වඩා එය හරියාකාරව සිදු කිරීම වඩා වැදගත් බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    AP
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya