අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැන ගැනීමේ පනත විශිෂ්ට සන්ධිස්ථානයක්

    මාර්තු 28, 2016

    ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව  ඉතා ඉහළට ඔසවා තැබූ විශිෂ්ට සංධිස්ථානයක් ලෙස තොරතුරු දැනගැනීමේ පනත හැඳින්විය හැකි බවත් එය සර්වසාධාරණ, විනිවිද පෙනෙන, යුක්ති ගරුක සමාජයක පදනම බවත් කතානායක කරු ජයසුරිය මහතා පැවසීය.

    කොළඹ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගිය දා පැවති  ශ්‍රී ලංකා  බ්ලොග්  අඩවි සංනිවේදකයින්ගේ සම්මාන  උළෙලෙහි ප්‍රධාන ආරාධිත ලෙස එක් වෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.

    තොරතුරු දැන ගැනීමේ පනත මගින් සමාජ විනිවිද භාවය තහවුරු කිරීමට නූතන මාධ්‍ය මගින් විශාල උත්තේජනයක් ලබා දියහැකි බව ද කතානායකවරයා පැවසීය.

    "ඔබ නියෝජනය කරන තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රය අද ලෝකය පාලනය කරන ප්‍රබලතම මාධ්‍යක් බව කිව යුතුයි.   මීට දශක දෙකකට කලින් අනාවැකි පල වුණේ විධායකය, ව්‍යවස්ථාදයකය, අධිකරණය කියන කුළුණු තුන තමයි රටක් පාලනය කරන ප්‍රධානම අංග කියලා.  

    සන්නිවේදනයේ දියුණුවත් එක් කළ ලෝකය පාලනය කරන හතරවෙනි ආණ්ඩුව මාධ්‍යයයි කියලා අදහසක් ඇති වුණා.  හැබැයි අද වෙන කොට සන්නිවේදය නව තාක්ෂණය ඔස්සේ ලබලා තිබෙන දියුණුව වගේම ඒ තුළින් සමාජයට දේශපාලනයට රටක තීන්දු තීරණවලට කරන බලපෑම දැකපුවහම  රටක් පාලනය කරන හතරවෙනි ආණ්ඩුව නෙවෙයි පළමුවෙනි ආණ්ඩුව මාධ්‍යයි කියලා හිතෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාලය සමග තොරතුරු සන්නිවේදනයේ දී ඔබ කරන කාර්යය සමාජයේ විනිවිදභාවයට බොහෝ හේතු වෙලා තියෙනවා.

    තවදුරටත් කිසිවෙකුට කිසිවක් සැගවිය නොහැකි තරමට ලෝකය අවදියෙන් තැබීමට   ඔබ දායක වෙලා තියෙනවා. ගෙවී ගිය කාලය ඇතුලේ සිදුවුණු ලංකාවේ වගේම ලෝකයේ මහා දේශපාලන සමාජ පරිවර්තනවල මූල බීජ ජනිත වුණේ ඔබ වැනි පිරිස් අතින්.

    නමුත් මේ මාධ්‍යය පිහියක් වගේ ආයුධයක්.  යහපත් අරමුණු වෙනුවෙන් යොදාගෙන ප්‍රයෝජනයට ගන්නත් පුළුවන්.  ඒ වගේම තව කෙනෙක්ට හානියක් කරන්න ආයුධයක් ලෙස යොදාගන්නත් පුළුවන්. නැත්නම් තමන්ට ඇණගෙන තමාව ම විනාශ කරගන්න අවියක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්."
     
    ඒ නිසා තමයි මේ ක්ෂේත්‍රයේ යහපත් භාවිතය අගය කරන මෙවැනි සම්මාන උළෙල ඇගයීම් වැදගත් වන බව ද කතානායකවරයා පැවසීය.

    විශේෂයෙන් ම පසුගිය කාලේ ඉතාමත් උතුම් මානව හිතවාදී අරමුණු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බ්ලොග් අඩවි ක්‍රියාත්මක වුණු අවස්ථාවන් රාශියක් අපි දක්නට ලැබුණු බවත් යම් සිද්ධියක් වෙලා විනාඩි ගාණක් ඇතුලත අනිත් හැම මාධ්‍යයකට ම වඩා වේගයෙන් ඒ පිළිබඳ තොරතුරු ලෝකෙට ගෙනියන්න ඔබට ශක්තියක් තිබෙන බවත් ඒ මහතා පැවසීය.


    විශ්ව දරුවෝ බිහි කරන යුගයට පැමිණි අවසන් බවත් පෙර නොවූ විරූ දේ අපේ සමාජයට ඇතුල්වී තිබෙන අතර උතුම් අරමුණක් වෙනුවෙන් ඉදිරියට මෙම ක්ෂේත්‍රය නිවැරදිව භාවිත කරමින් නිවැරදි දේ නිර්ලෝභීව අගය කරමින් කටයුතු කිරීමට හැකි වනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya