අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රධාන පෙළේ ව්‍යාපෘතිවලට අදාළව, මූල්‍ය තොරතුරු ඇතුළත් වාර්තා 220 ක් අතුරුදහන්...

    මාර්තු 28, 2016
    පසුගිය රජය සමයේ ප්‍රධාන පෙළේ ව්‍යාපෘතිවලට අදාළව තොරතුරු ඇතුළත්, මුදල් අමාත්‍යාංශය සතුව පැවති මූල්‍ය  වාර්තා 220 ක් අතුරුදහන්වී ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
    මහා පරිමාණයේ  ව්‍යාපෘතිවල මූල්‍ය තොරතුරු ඇතුළත් මෙම වාර්තා අතුරුදහන්වීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් අරඹන බව ද හෙතෙම පෙන්වා දෙයි. 
    මෙම වාර්තා අතුරුදහන්වීම ගැටලු සහගත තත්ත්වයක් බවත්,  ඇතැම් නිලධාරීන්, මෙම තොරතුරු හිතාමතා යටපත් කිරීමට උත්සාහ දරමින් සිටින බවත් ප්‍රකාශ කළ අමාත්‍ය රවී කරුණානායක මහතා එම වාර්තා භාරව ක්‍රියා කළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද  කියා සිටියි.
     
    පසුගිය රජය සමයේ සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව අවධියෙන් පසුවන බවත්, මෙලෙස, මූල්‍ය වාර්තා අතුරුදහන්වීම ඒ සම්බන්ධයෙන් කරන පරීක්ෂණ යටපත් කිරීමේ උත්සාහයක්දැයි තමන් සැක කරන බවත්  රවී කරුණානායක මැතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.  
     
    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලක මැදුරේ පැවැත්වෙන ඉන්දීය  ශ්‍රී ලංකා ශිල්ප කලා අත්කම් හා රෙදිපිළි ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 
     
    ඉන්දීය ශ්‍රී ලංකා ශිල්ප කලා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍යරයා කියා සිටියේ දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළක් සකසා දීම සඳහා තමා කඩිනමින් ක්‍රියාකරන බවයි.
     
    “හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත මේ අයට තමන්ගෙ වෙළෙඳපොළ, දේශීය විතරක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙනුත්  නිර්මාණය කර ගන්න. අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ලබා දෙන්න මම සූදානම්. මම පොරොන්දු වෙනව ලබන වෙසක් පෝයට කලින් මේ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරල දෙන්න. ලබන සඳුදා හෝ අගහරුවාද තමන්ගෙ යෝජනා අරගෙන අමාත්‍යාංශයට ඇවිත් මාව හමු වෙන්න කියල මම ජාතික ශිල්ප කලා පදනමේ සභාපති බුද්ධි කීර්තිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා.
     
    අනිත් කරුණ තමයි මේ කටයුත්ත සංවිධානය කරන්නෙ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධ වෙලයි. අද ඉන්දියාවෙන් ඇවිල්ල අපට පෙන්වල දෙනව හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත වූවන්ට ශක්තිමත් වෙළෙඳපොළක අවශ්‍යතාවක් ඇති බව. ” යැයි ද අමාත්‍යාවරයා වැඩි දුරටත් පැවැසීය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya