අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය වාර්තා 220ක් අතුරුහන් වෙලා - මුදල් ඇමැති

    මාර්තු 26, 2016

    පසුගිය රජය සමයේ ප්‍රධාන පෙළේ ව්‍යාපෘතිවලට අදාළ තොරතුරු ඇතුලත් මුදල් අමාත්‍යාංශය සතුව පැවති මූල්‍ය  වාර්තා 220 ක් අතුරුදහන්වී ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    මහා පරිමාණයේ  ව්‍යාපෘතිවල මූල්‍ය තොරතුරු ඇතුලත් මෙම වාර්තා අතුරුදහන්වීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කරන බවද ඒ මහතා පෙන්වා දෙයි.
     
    මෙම වාර්තා අතුරුදහන්වීම ගැටලු සහගත තත්ත්වයක් බවත්,  ඇතැම් නිලධාරීන්, මෙම තොරතුරු හිතාමතා යටපත් කිරීමට උත්සාහ දරමින් සිටින බවත් ප්‍රකාශ කළ අමාත්‍ය රවී කරුණානායක මහතා එම වාර්තා භාරව ක්‍රියාකළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද  කියා සිටි.

    පසුගිය රජය සමයේ සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව අවධියෙන් පසුවන බවත්, මෙලෙස, මූල්‍ය වාර්තා අතුරුදහන්වීම ඒ සම්බන්ධයෙන් කරන පරීක්ෂණ යටපත් කිරීමේ උත්සාහයක්දැයි තමන් සැක කරන බවත්  රවී කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.  


    මේ අතර අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලක මැදුරේ  පැවති ඉන්දීය  ශ්‍රී ලංකා ශිල්ප කලා අත්කම් හා රෙදිපිළි ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ද අමාත්‍යවරයා කියා සිටියේ, ඉකුත් පාලන සමයේ මහා පරිමාණ ව්‍යාපෘති වලට අදාලව  මුදල් අමාත්‍යාංශය සතු  වැදගත් මූල්‍ය වාර්තා  220 ක් අතුරුදහන්වී ඇති බවයි.

    මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි මූල්‍ය අක්‍රමිකතා තහවුරු කළහොත්, ඒකාබද්ධ විපක්ෂය විසුරුවා හරින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙහිදී  මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya