අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමගියෙන් අභියෝගවලට මුහුණ දෙනවා - විදුලි ඇමැති

    මාර්තු 26, 2016

    එකිනෙකාට ඇගිලි දික් නොකොට සමගියෙන් අභියෝගවලට මුහුණ දෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා  පවසයි.

     ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ ජාතික විදුලි ශ‍්‍රමදාන සතියේ සමාරම්භක අවස්ථාවට අනුරාධපුර පූජා නගරයේ දී සහභාගී වෙමිනි.

    ලංකාවේ විදුලි රැහැන් දිග ප‍්‍රමාණ වශයෙන් ගත් විට කිලෝමීටර් ලක්ෂ දෙකමාරකට ආසන්න ප‍්‍රමාණයක් තිබෙන බවත් මේවා නිසි ලෙස නඩත්තු කරමින් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබා දීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එහිදී සේවකයන් අතර සමගිය, ශක්තිය එක්කර ගනිමින් අභියෝග පැමිණි අවස්ථාවේ ඒවාට එකිනෙකා අතර විරසක නොවී මුහුණ දීමේ පුරුද්ද මේ විදුලි ශ‍්‍රමාදාන සතියේ සමාරම්භයත් සමඟ හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම වැඩසටහන යටතේ දිවයින පුරාම විදුලි සේවකයින්ගේ ශ‍්‍රම දායකත්වය යටතේ කඩිනමින් විදුලි සේවාවන් යථාවත් කිරීමට කටයුතු කරන එය සේවකයන් ලබා දෙන විශිෂ්ට දායකත්වයක් ලෙස පෙන්වා දිය හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya