අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය සංහිඳියාවේ චාරිකාව ඇරඹේ

    මාර්තු 26, 2016

    දකුණේ මාධ්‍ය සහෝදරත්වය සහ උතුරේ මාධ්‍ය සහෝදරත්වය  එකට යා කෙරෙන "තල්පතයි පන්හිඳයි එකට යා කෙරෙන  සංහිඳියාවේ චාරිකාව අද 6.35ට කොටුව දුම්රිය ස්ථානයෙන් යාල් දේවී දුම්රියෙන් යාපනය දක්වා ගමන් ආරම්භ කළේය.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා දුම්රිය පිටත්වීම සඳහා සංඥාය ලබා දුන් අතර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා දුම්රියේ ගමනට එක්ව සිටිති.

    අද, හෙට (27) සහ අනිද්දා (28) යන තෙදින මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය ඇතුළු මාධ්‍ය සංවිධාන නියෝජිතයින්ගේ සහ මාධ්‍යවේදීන් රැසක් මෙම මාධ්‍ය  චාරිකාවට එක්ව සිටිති.

    මෙම දුම්රිය ගමනේදී කුරුණෑගල දුම්රිය ස්ථානයේ දී කුරුණෑගල මාධ්‍යවේදීන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya