අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික සේවක නීතී ආධාර මුදල රුපියල් 20,000 දක්වා වැඩි කිරීමට තීරණයක්

    මාර්තු 27, 2016

    පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් නීතී ආධාර ලබා දීමේ වැඩසටහන යටතේ නීතී ආධාර මුදල  වහාම රුපියල් 20,000 දක්වා  වැඩි කිරීමට කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා තීරණය කර ඇත.

     

    කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රම වාසනා අරමුදල මඟින් පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් නීතී ආධාර ලබා දීමේ  වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.

     

    පෞද්ගලික අංශයේ සේවයේ යෙදී සිටියදී හාම්පුතුන් විසින් ඔවුන්ගේ හිතු මනාපයය අනුව අසාධාරණ ලෙස සේවකයන් ඉවත් කිරීමේ  සිද්ධීන්  දිනපතාම අමාත්‍යංශය වෙත වාර්තා වන බව කම්කරු අමාත්‍යාංශය කියයි.

     

    එයට පිළියමක් ලෙස ඔවුනට නීතිමය පිළිසරණ ලබා දීමේ වැඩපිළිවෙලක් ශ්‍රම වාසනා අරමුදල මගින් සිදු කරනු ලැබේ.ඒ අනුව අසාධාරණයට ලක්වන සේවකයන් සඳහා රුපියල් 10,000ක මුදලක් ලබා දීම සේවයෙන්ඉවත්කරනු ලැබු සේවකයන්ට නඩු කීමට එම  මුදල ප්‍රමාණවත් නොවන නිසා පෞද්ගලික අංශයේ සේවකයන්  බොහෝ දෙනෙක් හාම්පුතුන්ට විරුද්ධව නඩු මගට පිවිසීමට මැලිකමක් දක්වයි.

     

    මේ තත්වය පිළිබඳ අවධානය යොමු කල කම්කරු අමාත්‍ය  ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා විසින් මේ සඳහා ලබා දෙන  නීතී ආධාර මුදල  වහාම රුපියල් 20,000 දක්වා  වැඩි කිරීමට තීරණය කර ඇත.

     

    ශ්‍රම වාසනා ආයතනයේදී පැවත් වියග එහිදී අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ පෞද්ගලික අංශයේ තෝරාගත් සේවකයන් 15 දෙනෙක් සඳහා සංකේතාත්මකව නීති ආධාර චෙක්පත් ලබා දීම ද කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබීය.

     

    මේ අනුව අසාධාරණ ලෙස සේවය අවසන් කරනු ලැබු සේවකයෙකුට,කම්කරු  අධිකරණයක,කම්කරු විනිශ්චය සභාවක,කම්කරු වන්දි කොමසාරිස් වෙත හෝ  කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය අවසන් කිරීමේ අංශයේ විභාග වන පැමිණිල්ලක් වෙනුවෙන් රුපියල් 20,000ක මෙම නීතී ආධාර මුදල ලබා ගැනීමට හැකියාව
    ලබෙන බව කම්කරු අමාත්‍යාංශය පවසයි.

     

    එසේම බේරුම්කරණ නඩුවක් සඳහා රුපියල් 30,000 ක නීතී ආධාර මුදලක් ද ප්‍රථම වතාවට පිරි නැමීමටද ශ්‍රම වාසනා ආයතනය මේ වන විට පියවර ගෙන ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya