අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීම සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ වනවිට සුදානම්

    මාර්තු 27, 2016

    ජී.එස්.පී ප්ලස් සහන ලබාදීම සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ වනවිට සුදානම් බවත් ඊට පෙර මත්ස්‍ය අපනයනය සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර දෙන බවත් යුරෝපා සංගමයේ කොමසාරිස් නෙවින් මිමිකා මහතා සඳහන් කළ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.


    ක්‍රෝවෙසියාවේ හිටපු නියෝජ්‍ය අගමැති සහ වත්මන් යුරෝපා සංගමයේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ සංවර්ධන කොමසාරිස් නෙවින් මිමිකා මහතා සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අතර ද්විපර්ශික සම්බන්ධතා ශක්තිමත් කිරීමේ හමුවක් අමාත්‍යංශයේදී පසුගිය දා පැවැත්විණි.

     

    එම අවස්ථාවට සහභාගී වූ යුරෝපා සංගමයේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ සංවර්ධන කොමසාරිස්වරයා මේ බව පවසා තිබේ.

     

    ජී.එස්.පී.ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලබාදීමේ වැදගත්කම සහ අවශ්‍යතාව අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා විසින් පැහැදිළි කළ අතර මත්ස්‍ය අපනයන නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද අමාත්‍යවරයා කරුණු පැහැදිළි කළේය.


    එසේම මෙරට ඉදිරි සංවර්ධන කටයුතු සඳහා යුරෝපා සංගමයේ දායකත්වය අවශ්‍ය බවත් ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.

    ජී.එස්.පී සහන ලබාදීම සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ වනවිට සුදානම් බවත් ඊට පෙර මත්ස්‍ය අපනයනය සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර දෙන බවත්  යුරෝපා සංගමයේ කොමසාරිස් නෙවින් මිමිකා මහතා සඳහන් කළේය.

     

    ශ්‍රී ලංකාවේ දිගු කාලීන විශ්වාසනීය සහකරුවකු වීමට තම සංගමය සූදානම් බවද  යුරෝපා සංගමයේ කොමසාරිස් නෙවින් මිමිකා මහතා සඳහන් කළේය.

     

    ඉදිරි කාලය තුළ එම සංගමය ලබා දෙන සහන දෙගුණ කිරීමට තීරණය කර තිබෙන බවත් රට තුළ ක්‍රියාත්මක යහපාලනය සහ ප්‍රතිසංධාන වැඩපිළිවෙළ පිළිබඳ සතුටට පත් වන බවද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya