අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රැකියා ජාවාරමක සුලමුල හෙළිවේ -සංචාරක වීසා මත කිසිසේත් විදේශ රටක රැකියාවක් ලබා ගත නොහැකියි

    මාර්තු 27, 2016

    සංචාරක වීසා මත කිසිසේත් විදේශ රටක රැකියාවක් ලබා ගත නොහැකි බවත් එවැනි පොරොන්දු ලබා දෙමින් මුදල් ලබා ගන්නා අතරමැදිකරුවන් පිළිබඳව තොරතරු දන්නේ නම්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට දන්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.

     

    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත විදේශ රැකියා ලබා දෙන බව පවසා මරදාන ප‍්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක රඳවාගෙනසිටි කාන්තාවන් 7 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු  සොයා ගනු ලැබීය.

    මෙය නවතම ක‍්‍රමයක රැකියා ජාවාරමක් බව විදේශ සේවා නියුක්ති  කාර්යාංශය සඳහන් කරයි.

     

    සංචාරක වීසා මත,මත්තල ගුවන්තොටුපල හරහා මෙම පිරිස අබුඩාබි ,සෞදි  යන  රටවල් වල ගෘහ සේවිකාවන් ලෙස රැකියා ලබා දෙන බව පවසමින් මෙම තාවකාලික ලැඟුම්හලක රඳවා ගෙන තිබේ.

     

    මෙහිදී එක් කාන්තාවක් මාස 7 ක් මෙසේ තාවකාලික ලැඟුම්හලක ගෙන තිබෙන අතර, අනෙකුත්  කාන්තාවන් මාස 1, 2 කාලයක් රඳවාගෙන ඇතැයි විදේශ රැකියා අමාත්‍යාංශව පවසයි.

     

    මෙම කාන්තාවන් වයස අවුරුදු 18, 19, 20 හා 38 යන වයස් සීමාවන් වල පසුවන අතර, මොවුන්  පොළොන්නරුව, ඇඹිලිපිටිය, දෙනියාය  යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වේ.

     

    මෙම පුද්ගලයින් විදේශ ගත කිරිමේ ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 3 කු  විදේශසේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

     

    මෙයින් එක් අයෙකු අක්කරපත්තුව ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා මරදාන ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මෙහි තවත් සැකකරුවකු සොයා තවදුරටත් විමර්ෂණ කටයුතු සිදු කෙරේ.  

     

    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, මෙම ජාවාරමට සම්බන්ධ සියලූ දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකයට උපදෙස් ලබා දුන් බවත්, සංචාරක වීසා මත කිසිසේත් විදේශ රටක රැකියාවක් ලබා ගත නොහැකි බවත් එවැනි පොරොන්දු ලබා දෙමින් මුදල් ලබා ගන්නා අතරමැදිකරුවන් පිළිබඳව තොරතරු දන්නේ නම්,  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ 011-3049631, 011-2864113  යන දුරකථන අංක වලට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස ද අමාත්‍යවරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya