අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩිමෙන්සියා රෝගය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හා ප්‍රජාව දැනුම්වත් කෙරේ

    මාර්තු 27, 2016

    වයස්ගත වීමත් සමඟ මොළයේ සෛල විනාශ වීම හේතුවෙන් වර්තමානය අමතක වීමේ රෝගය හෙවත් ඩිමෙන්සියා රෝගය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හා ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

     

    මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 28 වැනිදා පෙ.ව.10.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වෙයි.

     

    මෙම වැඩසටහන කොටස් දෙකකින් යුක්තව පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව පෙ.ව. 10.00 සිට පෙ.ව.11.00 දක්වා රාජ්‍ය නිලධාරීන් සඳහා ද පෙ.ව. 11.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා ප්‍රජාව සඳහා ද වෙන් කර තිබේ.

     

    මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය සපයනු ලබන්නේ ලංකා ඇල්සයිමස් පදනමේ  වෛද්‍ය හර්ෂණ මහතා විසිනි. මෙහි විශේෂත්වය වන්නේ ඒ මහතා මුදල් අය  කිරීමකින් තොරව නොමිලයේ වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සැපයීමයි.

     

    මේ අවස්ථාව සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා මාතර ප්‍රාෙද්ශීය ලේකම්  කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රජාව පන්සීයකට අධික පිරිසක් සහභාගිකර ගැනීමට  නියමිත ය.

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ මාතර දිස්ත්‍රික් උපදේශන නිලධාරී යූ.එම්.ඒ. දමයන්ති මහත්මියගේ සම්බන්ධීකරණයෙන් මෙය සංවිධානය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya