අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාර සුරක්ෂිතතාව පිළිබඳව Crans Montana සමුළුවේදී

    මාර්තු 24, 2016
    මොරොක්කෝවේ පැවති Crans Montana සමුළුවේදී ආහාර සුරක්ෂිතතාව පිළිබඳව හා ඒ සම්බන්ධව දක්වන කැපවීම පිළිබඳව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවැත්වූ දේශනයෙන් සමුළුවට සහභාගී වී සිටි විදෙස් නියෝජිතයින් හා රටවල් ගණනාවක මැති ඇමතිවරුන් ශ්‍රී ලංකාව කෙරෙහි පැහැදී ආයෝජන අවස්ථා උදාකරගැනීමට ඉදිරිපත් වී සිටී.
    ඒ අනුව ලබන ජුලි මාසයෙන් පසු මෙරට ධීවර ක්ෂේත්‍රය හා සෙසු ක්ෂේත්‍රයන්හි ආයෝජන අවස්ථා සොයාබැලීමට පස් දෙනෙකුගෙන් සමන්විත තුර්කියේ විශේෂ දුත මණ්ඩලයක් මෙරටට පැමිණීමට නියමිතය.
     
    ධීවර හා අනෙකුත් ක්ෂේත්‍රයන්හී ආයෝජන සඳහා අවම වශයෙන් ව්‍යපාරිකයන් සියදෙනෙකුට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට  ඔවූහු සහතික විය.
     
    එරට ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපතිනිය සමඟ දිලිප් වෙදආරච්චි ඇමතිතුමා නව ආයෝජන අවස්ථා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇත.
     
    මෙම සමුළුවෙන් අනතුරුව ජලජීවී ක්ෂේත්‍රයේ විශේෂඥයන් මැති ඇමැතිවරුන්  හමු වූ අමාත්‍යවරයා ධීවර කර්මාන්තය පිළිබඳව සාකච්ඡා කළේය. එහිදී ජලජීවී ක්ෂේත්‍රයේ විශේෂඥයන්  එකඟ වුයේ ශ්‍රී ලංකාවේ ජලජීවී ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා තාක්ෂණික දැනුම ලබාදීමට එකඟ වී ඇත.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya