අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුදුස්සන්ට සුදුසු තැන ලබා දීමට පැකිලෙන්නේ නැහැ- අධ්‍යාපන ඇමැති

    මාර්තු 24, 2016

    අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ගුරුවරුන් බඳවා ගැනීමේදී දේශපාලන හිතවත්කම් මත නොව නව ක‍්‍රමවේදයක් ඇතිව ප‍්‍රතිපත්තියක් ඔස්සේ හැමටම සාධාරණය ඉටු වන අයුරින් බඳවා ගැනීම සිදුකිරීමට  කටයුතු කරන බව  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවති බටහිර සංගීත විෂය සඳහා 2 වන වටයේ උපාධිධාරි ගුරුවරුන් 35 දෙනෙකුට පත්වීම් ලිපි බෙදාදීමේ උත්සවයට සහභාගි වෙමිනි. මෙහිදී ජාතික පාසල් සඳහා පත්විම් 23 ක්ද, පළාත් පාසල්වල පවතින පුරප්පාඩු සඳහා පත්විම් 12 ක් ද ලබාදීම සිදුවිය.

    පළමු වටයේ බඳවා ගත් උපාධිධාරී බටහිර සංගීත ගුරුවරුන් සමඟ මේ වන විට ගුරුවරුන් 101ක් බඳවා ගෙන තිබේ.

    මීට පෙර පළමු වටයේ පත්විම් 66 ක් ලබා දී තිබෙන අතර ජාතික පාසල් සඳහා 54 සහ පළාත් පාසල් 12ක් වශයෙනි.


    සුදුසුකම, උගත්කම හා දක්ෂතාවය අනුව ගුරුවරුන් බඳවා ගතයුතු  බව කළ අමාත්‍යවරයා දැනට අධ්‍යාපන පරිපාලන සේවයේ 852 ක පමණ නිලධාරී හිඟයක් පවතින බවත්, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් හා ඒ ඒ විෂයයන් අනුව හිඟ ගුරුවරු බඳවාගෙන ඉදිරියේ දී ඉක්මනින් කටයුතු කරන බවත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධකි‍්‍රෂ්ණන් මැතිතුමා, අධ්‍යාපන ලේකම් ඩබ්.එම්. බන්දුසේන මහතා, අතිරේක ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya