අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැව්ගත කරන්නන්ගේ සංගමය වසර 50 ක් සපුරයි.....

    මාර්තු 24, 2016
    ශ්‍රී ලංකා නැව් ගත කරන්නන්ගේ සංගමයට වසර 50 ක් සැපිරීමේ උත්සවය  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මාගම්පුර වරාය පරිශ්‍රයේදී අද පැවැත්වේ.
    එම උත්සවයේදී හම්බන්තොට වරාය පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද  www.maritimeinsrilanka.com  වෙබ් අඩවිය විවෘත කිරීමටද ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ සංගමය අපේක්ෂා කරයි. එම සංගමයේ සභාපති ෂෝන් වැං ඩොට් මහතා පැවසුවේ නාවික ක්ෂේත්‍රයේදී ශ්‍රී ලංකාවේ දක්ෂතා ලොවට ප්‍රදර්ශනය කිරීමට මෙය මහඟු අවස්ථාවක් වන බවයි.
     
    වෙළඳ හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා නැව් ගත කරන්නන්ගේ සංගමය ස්ථාපිත කළේ 1966 වර්ෂයේදීය. මෙම සංවිධානය ශ්‍රී ලංකාවේ පළමුවැනි නාවික සංවිධානය ලෙසින්ද සැලකේ. සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙළඳ ක්ෂේත්‍රයේ සමබරතාවය ඇති කිරීමේ අරමුණින් නාවික සමුළු මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කිරීමේ හැකියාවද මෙම සංගමයට හිමිවේ. 
     
    මෙරට ප්‍රධානම වෙළඳ භාණ්ඩ වූ තෙල් හා තෙල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය හා අපනයනය සිදුකරන්නේද මෙම නැව් ගත කරන්නන්ගේ සංගමයේ සාමාජිකයින් වේ. මේ වසරේ ලෝක නාවික සමුළුවට සත්කාරකත්වය ලබාදීමේ අවස්ථාවද ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ සංගමයට හිමිවීම විශේෂත්වයකි. එය එම සමුළුව ආසියාවේ පවත්වන පළමු අවස්ථාවද වේ. ලෝක නාවික වෙළඳ විෂයෙහි ප්‍රමුඛතම සමුළුවක් ලෙසද ලෝක නාවික සමුළුව සලකයි.
     
    AP
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya