අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්‍රාමිකයන් රවටා මුදල් අයකරන කල්ලිවලට රැවටෙන්න එපා

    මාර්තු 23, 2016

    විවිධ ප්‍රදේශයන්හි සංවිධානාත්මක කල්ලි විසින් විශ්‍රාමිකයන් රවටා වංචනික ලෙස මුදල් ලබා ගැනීමේ සිද්ධි ගණනාවක් මේ වන විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ගෙවීමට ඇති හිඟ වැටුපක් සකසා දෙන බව පවසමින් මෙසේ මුදල් වංචා සිදුකර ඇති බව වාර්තා වන අතර මෙසේ හිඟ වැටුප් සකසා දීම සඳහා හෝ වෙනත් කිසිදු රාජකාරියක් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් කිසිදු මුදලක් අය නොකරයි.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ගණකාධිකාරීවරුන් හෝ විශ්‍රාම වැටුප් නිලධාරීන් හෝ වෙනත් නියෝජිතයන් යැයි පවසා නිවෙස්වලට පැමිණ මෙසේ මුදල් වංචා කිරීම් සිදුකර ඇති අතර, එසේ මුදල් ලබා ගැනීම් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් කිසිදු නිලධාරියකු යොදවා නොමැති බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටි.

    තමන්ට ගෙවීමට හිඟ වැටුපක් ඇත්නම් එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි විශ්‍රාම වැටුප් පිළිබඳ කටයුතු සිදු කරන නිළධාරීන් හෝ කෙටි දූරකතන අංක 1970 මඟින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව  සෘජුවම අමතා හෝ තොරතුරු ලබා ගන්නා ලෙසත් එසේ නොමැතිව වෙනත් මාර්ග ඔස්සේ රාජකාරී සිදුකරවා ගැනීමට උත්සාහ දරා වංචනිකයන්ට හසු නොවන ලෙසත් මෙවැනි වංචාකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු විශ්‍රාමික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

    මෙවැනි වංචනිකයන් පිළිබඳව තොරතුරක් ඇතොත් ළඟම පිහිටි පොලිසියට හෝ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි විශ්‍රාම වැටුප් නිලධාරින්ට හෝ කෙටි දුරකතන අංක 1970ට හෝ දැනුම් දෙන ලෙසද දන්වා සිටි ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya