අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ රහස මුදලට වඩා රට ගැන සිතා ක්‍රීඩාකිරීමයි-හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන

    මාර්තු 23, 2016

    ''96 ක්‍රිකට් ලෝක කුසලානය'' ජයග්‍රහණය කිරීමේ රහස මුදලට වඩා රට ගැන සිතා ක්‍රීඩාකිරීම බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක,අමාත්‍ය  අර්ජුන රණතුංග මහතා පවසයි.


    අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, වැඩිදුරටත් අවධාරණය කළේ 96 සමයෙහිදී අනවශ්‍ය දේශපාලන බලපෑම් නොතිබීමද එම ජයග්‍රහණයේ රහසක් වූ බවයි.

     

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩා ඒකකය සමඟ සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා සංවිධානය ඉදිරිපත් කළ 96 සමරමු වැඩසටහනේ සමාප්තියට එක් වෙමින් අර්ජුන රණතුංග මහතා මේ බව කියා සිටියේය.


    “කණ්ඩායමක් එකපාරට හැදෙන්නේ නැහැ. අවුරුදු කිහිපයක් තිස්සේ හැදෙන්න  ඕන. ඇත්තටම 96 ලෝක කුසලානයට අපි සූදානම් වන විට අවුරුදු 2කට කලින් අපි තීරණය කළා මොන කණ්ඩායම එක්කද තරගාවලියට යන්නේ කියලා. එතැනදී මට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෝ හතරදෙනෙක් සිටියා. දුලිප් මෙන්ඩිස් හිටියා තේරුම් කමිටුවේ සභාපති හැටියට. ක්‍රිකට් ආයතනයේ සභාපති ආනා පුංචිහේවා මහත්තයා. එතුමා තේරුම් කමිටුවේ අයට කතා කළෙත් නැහැ. කණ්ඩායම තෝරන්න හැදුවෙත් නැහැ. ක්‍රීඩා ඇමතිවරයා කතා කළෙත් නැහැ. ඒ කියන්නේ දේශපාලන අතගැසීම් තිබුණේ නැහැ.

     

    නමුත් පසුගියෙකාලේ මේ සියල්ලම සිද්ධ වුණා. අද අනවශ්‍ය අතගැසීම් නිසා ක‍්‍රීඩකයින්ට මානසික වදයක් විදින්න සිද්ධවෙලා තියෙනවා. කිසිම දෙයක් දන්නේ නැති අය, ක‍්‍රීඩාව කරපු නැති අය, කවදාවත් පිත්තක්වත් අල්ලපු නැති අය තමන්ගේ නම හදාගන්න ක‍්‍රීකට් ක‍්‍රීඩාව පාවිච්චි කළා. එහි ප‍්‍රතිඵලයක් හැටියට අපේ ක්‍රකට් කණ්ඩායම දුර්වල වුණා. අද මුදල හැම තැනකදිම ඉදිරියට ඇවිල්ලා. ඇත්තටම 96දී මට මතක විදියට තරග මුදල් ලෙස අපිට ලැබුණේ ඩොලර් 30 000ක් විතර. ඩොලර් එකක් රුපියල් 70 ක් 80 වගේ ඇති ඒකාලේ. අපි 14 දෙනා අතරෙම ඒක බෙදාගත්තා. ලොකුඅදහසක් තිබුණේ නැහැ සල්ලි ගැන. ලොකුම වටිනාකම තිබුණේ ජයග‍්‍රහණය කිරීමයි.

     

    හොදම උදාහරණය මගේ අතට චෙක් එක දුන්නා, කුසලානයත් දුන්නා. එතනදි මිනිසුන්ගේ ඇගේ හැප්පිලා මාව බිමට වැටුණා. ඒ වෙලාවේ මම අතඇරියේ කුසලානය නෙමෙයි. චෙක් එක” යැයිද හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya