අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ රටට අවශ්‍ය වන්නේ හැම පැත්තෙන්ම පිරිපුන් සමාජයක් ඇතිකිරීමයි - අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    මාර්තු 23, 2016

    අපේ සමාජයේ සිදුවන සිදුවීම් දිහා බලන විට සමාජයේ විනය පිරීහීමක් තිබෙන බව බොහෝ දෙනා තුළින් දක්නට ලැබෙන බවත් ඒ නිසා අපේ රටට අද අවශ්‍ය වන්නේ, හැම පැත්තෙන්ම පිරිපුන් සමාජයක් ඇතිකිරීම බවත් ආණුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    දහම් අධ්‍යාපනය දරුවන් වෙත ලබාදිම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා,ඒ නිසා දහම් පාසලට ප්‍රමුඛ තැනක් දීම දෙමාපියන්ගේ වගකීමක් හැටියට සැළකිය යුතු කාලය එළඹ තිබෙන බවද පැවසී ය.


    විහාරාධිපති ගෝනදෙණියේ ඉන්ද්‍රසාර නාහිමිගේ ආරාධනාව පරිදි පිළියන්දල, නාම්පමුණුව අසෝක ධර්ම විද්‍යාලයෙහි පැවති 25 වැනි සාංවත්සරික උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකළේ ය.

    “දහම් පාසලක් කියන්නේ ඉතාම වැදගත් තැනක්. අද දෙමාපියන් තමන්ගේ දරුවන්ට උගන්වන්න බොහෝම වෙහෙසක් ගන්නවා. දැන් ඉන්න දෙමාපියෝ අධ්‍යාපනය තරඟයක් හැටියට සළකා තමන් හම්බකරන හැම සේසතක්ම තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවන්න උත්සාහ කරනවා.

    දරුවන්ව ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරවන ආකාරය, සාමාන්‍ය පෙළ විභාගයට උසස් පෙළ විභාගයට සූදානම් කරන ආකාරය, බාහිර පන්තිවලට  යවන හැටි දකිනවා. ළමා ලෝකය පවා දරුවගෙන් උදුරගෙන ඒ හැම අවස්ථාවක්ම අධ්‍යාපනය වෙනුවෙන් යොදවන්න දෙමාපියන් ක්‍රියාකරනවා. 

    අපි මතක තියාගත යුතු ප්‍රධාන කාරණාවක් තිබෙනවා, අධ්‍යාපනය කියන්නේ හැම පැත්තෙන්ම පිරිපුන් පුරවැසියකු බිහිකිරීමයි. පොතේ ගුරෙක් පමණක් නිර්මාණය කිරීම නොවෙයි. පොත පතේ දැනුම පමණක් ලබාදී  සම්පූර්ණ මිනිසකු බිහිකරන්න බැහැ.විෂය දැනුම පමණක් ලබාදී  මදි. විෂය පරිබාහිර දැනුම පාසල් කාලයේ දී දරුවන්ට ලබාදිය යුතුයි.  

     

    අපේ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න කාලයේ උන්වහන්සේගේ අසළින් ම සිටිය ආනන්ද හාමුදුරු‍වන් බුදුරජාණන් වහන්සේගෙන් විමසූ ප්‍රශ්නයක්,  ආනන්ද හාමුදුරුවෝ විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,    ඔබවහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව අපි මේ ශාසනයේ නායකත්වයේලා සළකන්න ඕන කාවද? කියලා. ඉතාම වැදගත් කාලොචිත ප්‍රශ්ණයක් තමයි ආනන්ද තෙරුණ් වහන්සේ විමසුවේ. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙමින් වදාරනවා,මගෙන් පසුව මේ ශාසනයේ නායකත්වයලා සළකන්න ඕන ''ධර්මයත් විනයත්'' කියන කාරණාදෙක කියල තමයි උන්වහන්සේ වදාළේ.

     

    එදා බුදුරජාණන් වහන්සේ නායකත්වයලා සළකන්න ඕන කියපු කාරණා දෙකම ඉටු කරන තැනක් තමයි දහම් පාසල. මේ කුඩා දරුවෝ දහම් පාසලට පැමිණි විට ධර්මය පිළිබදව දැනකියා ගන්නවා. ධර්මය ගැන දැනකියා ගන්න, දැනකියා ගන්න විනය ගරුක පුරවැසියකු බවට පත්වෙනවා. බුද්ධ දේශනාවට අනුව බැලුවත් වර්තමාන සමාජයේ සිදුවන අප දිනපතා අත්දකින දිදුවීම් වලට අනුව බලුවත් අපට දහම් පාසල සුලු කොට තැකිය නොහැකි අත්‍යාවශ්‍ය ස්ථානයක් බව තහවුරු වෙලා කියා, විශ්වාස කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.


    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya