එහි ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද පැවැත්වෙන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය.
එහිදී ජල දින විශේෂ දේශනයක් මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැත්වීමට නියමිතය.
1993 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ජල දිනය ප්‍රකාශ පත් කිරීමත් සමඟ සෑම වර්ෂයක මාර්තු 22 දිනට ලොව පුරා ලෝක ජල දිනය සැමරීම සිදු වේ.
ලෝක ජල දිනයට සමගාමීව පාසල් මට්ටමේ සිට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.