මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ජල දින ජාතික උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

    මාර්තු 21, 2016

    ලෝක ජල දිනය හෙටට (22) යෙදී තිබෙන අතර එහි ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට පැවැත්වෙන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    “ ජලය හා සේවා නියුක්තිය“ යන්න මෙවර ලෝක ජල දින තේමාව වන අතර ජල දින විශේෂ දේශනයක් මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    පර්යේෂණ කටයුතු පිළිබඳ සම්මන්ත්‍රණය, වකුගඩු රෝග පිළිබඳ සම්මන්ත්‍රණය, ජල ගැටලු විසඳීමේ විශේෂ ඡංගම සේවා, පාරිභෝගික අයිතිවාසිකම්  සැලසීමේ වැඩසටහන් ද පැවැත් මීට සමගාමීව පැවැත්වේ.


    පාසල් සිසුන්ද දැනුවත් කිරීමේ වැඩසටහන් ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පාසල් රචනා පෝස්ටර් කථීක , කෙටි නාට්‍ය තරග දිවයිනේ සියලුම පාසල් නියෝජනය වන ලෙස පැවත්වීමට කටයුතු යොදා ඇත.

    එසේම ජල සම්පාදන මණ්ඩලයේ දීර්ඝ කාලීන සේවා උපහාර දැක්වීමේ වැඩසටහනක් ද පැවත්වෙන අතර  මෙම මණ්ඩලයේ විවිධ අංශවලින් සුවිශේෂීව කටයුතු කරන කාර්යාල ඇගයීම ද සිදු කෙරේ.

    කැලණිය ගගේ ජලය සුරක්ෂිත කිරීම පිළිබඳ අවට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරෙන අතර මණ්ඩලයේ කාර්යාල, වැඩබිම් සහ ජලමූලාශ්‍ර ආශ්‍රිතව පැල සිටුවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya