මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල ගැටලුවක් නම් විමසීම් කිරීමට අවස්ථාවක්

    මාර්තු 21, 2016

    2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පෙරේදා (19) පස්වරුවේ නිකුත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විමසීමක් ඇතොත් පහත සඳහන් දූරකතන අංක ඔස්සේ විමසීම් සිදු කළ හැකි බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.

    පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව:  0112784208 / 0112784537
                                                      0113188350 / 0113140314


        ක්ෂණික ඇමතුම් අංකය         :  1911


    මෙම විභාගය සඳහා 536,152 අයදුම්කරුවන් පෙනී සිට ඇති අතර එම විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හා www.results.exams.gov.lk වෙත පිවිස අපේක්ෂකයින්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැක.

     

    කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන ඊයේ (20)  දින පෙරවරු 10.00 න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවෙන් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබේ.

     

    අනෙකුත් සියලුම පාසල් වෙත ප්‍රතිඵල ලේඛන ඊයේ දින ම තැපැල් කළ  අතර සියලුම පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල ඉදිරියේදී තැපැල් මඟින් ලැබෙනු ඇතැයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya