මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුනායක ගුවන්තොටුපලේ සිකා වෛරස් ආසාදිතයින් පරීක්ෂා කිරීම නිරීක්ෂණයට

    මාර්තු 22, 2016

    කටුනායක ගුවන්තොටුපලේ සිකා වෛරස් ආසාදිතයින් පරීක්ෂා කිරීම සිදු කරනු ලබන ආකාරය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ නිරීක්ෂණයට ලක්විය.


    මධ්‍යම හා දකුණු ඇමරිකානු රටවල පැතිර යන සිකා වෛරසය ශ‍්‍රී ලංකාවට ඇතුළුවීම වැළෑක්වීම සදහා සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සියළු පියවර ගෙන ඇත.

     

    ඒ අනුව කටුනායක ගුවන්තොටුපලෙන් පැමිණෙන මගීන් පරීක්ෂා කිරීම හා දැනුවත් කිරීම දෛනිකව සිදු කරනු ලබයි.

     

    වෛරසය වැළදුන රෝගියෙකු හමුවුවහොත් බොරැුල්ල වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කර පරීක්ෂා කිරීමෙන් පසු අයි.ඩි.එචි උණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇත.

     

    මේ වනවිට කටුනායක ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ සෞඛ්‍ය කාර්යාංශ ගොඩනැගිල්ලේ දී සිකා වෛරස් ආසාදිතයින් පරීක්ෂා කිරීම් සිදු කරනු ලබයි.

     

    එම නිරික්ෂණයෙන් පසු සියලු මගීන් පරීක්ෂා කිරීමෙන් පසු එහි දත්ත වසංගත රෝග විද්‍යා අංශයට යොමු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාල අංශ වෙත මෙහිදී උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

     

    එමෙන්ම මෙම සේවාව තවත් විධිමත් කිරීම සදහා ආගමන විගමන දෙපාර්තෙමින්තුව, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සමග ඉදිරියේ දී සාකච්ඡාවක් පවත්වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya