අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතානායකතුමා ‘‘විශ්ව ශාන්ති‘‘ සම්මානයෙන් පිදුම් ලැබීම මෙරටට ගෞරවයක් - ජනමාධ්‍ය ඇමැති

    මාර්තු 21, 2016

    මෙරට  දේශපාලන ක්ෂේත්‍රය තුළ  සිටින  කතානායක  කරු   ජයසුරිය   මහතා වැනි දූර්ලභගණයේ  ආදර්ශමත් නායකයෙකු  නිවැරදිව  හඳුනා ගනිමින් එතුමන්ට " විශ්ව ශාන්ති" සාම   සම්මානය පුද  කීරිම  ශ්‍රී ලංකාව ලැබූ ගෞරවයක්  මෙන්ම  සත් පුරුෂයකුට කළ ගෞරවයක් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත  කරුණාතිලක මහතා පැවසීය.

    කරු ජයසුරිය  මහතා සැමවිට වාසි, අවාසි  නොබලා තම හෘද සාක්ෂියට  එකඟව නිවැරදි දේ  වෙනුවෙන්  කැපවූ  බවත්   වර්තමානයේ රට  ප්‍රජාතන්ත්‍රවාදයේ යම් ඉදිරි පියවරක් තබා ඇත්නම් කරු ජයසුරිය  මහතා එහි පුරෝගාමීයෙකු  බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඇමතිවරයා  මේ  අදහස්  දැක්වූයේ  ඉන්දියාවේ  පැවති  ලෝක  සාම  සමුළුවට කතානායකවරයා  වෙනුවෙන් තමන් සහභාගී වී ලබාගත් "විශ්ව ශාන්ති" සාම  සම්මානය  කතානායකවරයා  අතට  පත් කිරීම සඳහා කතානායක නිළ මැදිරියේදී පැවැති විශේෂ වැඩසටහනට එක් වෙමිනී.

    1995 වසරේ  සිට  භාරතයේ SIDDHARTH UNITED SOCIAL WELFARE MISSON (SUWM) සංවිධානය  කරන  මෙම උළෙලහිදී ලොවපුරා කීර්තියට පත් සම්භාවනීය  පුද්ගලයන් රැසක් සම්මානයට පත්‍රව  ඇත. මීට  සමගාමීව  ඉන්දියාවේ දිල්ලිහිදී  පැවැති ආර්ට් ඔෆ්ද ලිවින් උළෙලෙහි ප්‍රධාන  ආරාධිතයෙකු ලෙස  කරු ජයසුරිය  මහතා සහභාගිව  සිටි බැවින්, කල්කටාවේ පැවති සම්මාන උළෙලට  කතානායකවරයා වෙනුවෙන් එක් වූයේ  ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාය.

    තම දේශපාලන ගමන  ආරම්භ කල  දා සිටම   කරු ජයසුරිය මහතා යහපාලනය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි අතර පොස්ටර්, පොලිතින් භාවිතයෙන් තොර දේශපාලනයක් රටට හඳුන්වා දීමට එතුමා කටයුතු කළ අතර බොහෝ දෙනා එය අනුමත කළ බවත් තොරතුරු දැන ගැනීමේ පනත වෙනුවෙන් ද එතුමා පෙනී සිටි බවත් අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.


    එදා යටපත් වුන  එම පනත එතුමා කතානායක ධුරයේ  සිටින  පාර්ලිමේන්තුවේදී තව  නෝබෝ දිනකින් සම්මතවීම  එතුමන්ගේ සිහිනය සැබෑවීමක් බවත් ඒවාගේම 17 වන සංශෝධනය වෙනුවෙන් එදා එතුමා නිර්ව්‍යාජවය පෙනී සිටි අතර  ඒ යටතේ ස්ථාපිත වූ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාසභාව හා ස්වාධින කොමිසන් සභාවලටත් නායකත්වය දෙන්නට අද එතුමන්ට හැකිවීම එතුමා වගේම මේරට ලද භාග්‍යයක් බව ද ඒ මහතා සඳහන් කළේය.

    සෑම  කෙනෙකුටම  මේ  සම්මානය ලබා ගන්න බැහැ, දීර්ඝ කාලයක් සමාජය වෙනුවෙන් කරපු කටයුතු ගැන  පුළුල්  විමර්ශනයත් කිරීමෙන් පසුවයි. මෙම සම්මානය ලබා දෙන්න තෝරා ගන්නේ.

    කරු ජයසුරිය මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීමට, පාලනයේ විනිවිද භාවය තහවුරු කිරීමට වගේම විශේෂයෙන්ම මාදුළුවාවේ සෝභිතහිමියන් සමග එක්ව  "සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය" වෙනුවෙන් කල කැපවීම තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට, කටයුතු කිරීම  වගේම එතුමා කිසිදු ප්‍රසිද්ධියක් නොමැතිව " සූර්ය පදනම" නැමැති සුභසාධන ආයතනය මඟින් තරුණ,තරුණියන් 30,000 ඉක්මවන පිරිසකට නොමිලේ වෘත්තිය පුහුණුව ලබා දීම, වෛද්‍ය සායන පවත්වමින් ලක්ෂ ගණනක් රෝගීන්ට ප්‍රතිකාර කිරීම, වැනි කටයුතු රාශියක් ගැන  පුළුල්  සොයා බැලීමකින් අනතුරුව ඉතාම  සහේතුකව පිරිනැමුණු  සම්මානයක්  බව කිවයුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    මෙම  සම්මානය තමා කිසිවිටකත් ඉල්ලා ලබා ගත් දෙයක් නොවන බවත්, මෙය තමාට ලැබණු සම්මානයකට වඩා රටට ලැබුණු සම්මානයක් ලෙස  සලකන බවත් කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

    එමෙන්ම ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා සිය  වටිනා කාලය කැපකරමින් මෙම සම්මානය ලබා ගැනීමට තමා වෙනුවෙන් ඉන්දියාවට යාම අගය කරන බවද  කතානායකවරයා සඳහන් කළේය.

    පසුකාලීනව කෙරුණු බොහෝ නිර්මාණ කාර්යයන් සඳහා මේ එකතුව ප්‍රයෝජනවත් වූ අතර, ඉන් පසු කිසිඳු අවස්ථාවක දීප ව්‍යාප්ත අයුරින් මෙවැනි වාර්තා ගත කිරීමක් සිදු කර නොමැති බව කතානායක ලේකම් ආචාර්ය නිමල් සමරසුන්දර මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya