නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝලීය උණුසුම අවම කිරීමේ ගිවිසුමට ශ්‍රී ලංකාවේ එකඟත්වය

    මාර්තු 21, 2016

    පැරිස් ගිවිසුම් ප්‍රකාශයට අනුව 2100 වසර වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම දැනට පවතින උෂ්ණත්ව මට්ටමේ සිට තවත් සෙල්සියස් අංශක 2ක් නොඉක්මවීමටද, එම මට්ටම සෙල්සියස් අංශක 1.5ට අඩුවෙන් පවත්වාගෙන යාමට සෑම උත්සාහයක්ම දැරීමටද එකඟවී ඇති අතර ඒ අනුව  ශ්‍රී ලංකාවද මේ සඳහා එකඟතාව පළ කරමින් එම පැරිස් ගිවිසුමට (Paris Agreement)අත්සන් තැබීමටත් තීරණය කර තිබේ.

    මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමැති ද පසුගියදා ලැබිණි.

    2015 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 11 දින දක්වා ප්‍රංශයේ පැරිස් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳරාමුගත සම්මුතියෙහි (UNFCCC) 21 වැනි සැසිවාරයේදී මෙම සම්මුතියට එළැඹ තිබේ.

    එම ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ දායකත්වය වෙනුවෙන් සැලසුම් කර ඇති හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා වූ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය කිරීම සිදු වේ.

    තව ද ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස පිළිබඳ කොමිෂන් සභාවක්' (Climate Change Commission of Sri Lanka)ස්ථාපිත කිරීම පිණිස නීති සම්පාදනය කිරීමට ද නියමිතය.

    පරිසර හිතකාමී 'හරිත - සුහුරු ගම්මාන' (Green Smart Villages) ඇති කිරීම අරමුණු කරගනිමින් ප්‍රජා සංවිධාන සමඟඑක්ව "නීල හරිත ලස්සන ලංකා" වැඩසටහන 2016-2020 කාල පරිච්ඡේදය තුළ ගම්මාන 10,000ක ක්‍රියාත්මක කිරීමට ද සැලසුම්කෙරේ.

    පෙන්වා දී තිබෙන වාර්තා අනුව අධික ලෙස ෆොසිල ඉන්ධන දහනය, කාර්මීකරණය, නාගරීකරණය, වනාන්තර විනාශය හා පරිසරදූෂණය හේතු කොට ගෙන ගෝලීය උණුසුම ඉහළ යමින් තිබෙන අතර, මෙම සියවස අවසන් වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස්අංශක 4කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බව පුරෝකථනය කර ඇත.

    ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් සිදු වන දේශගුණික විපර්යාස මනුෂ්‍ය සංහතියේ පැවැත්ම කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබන බැවින් මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීම සිදු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya