අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ජාවකට එක් වෙමින් අමාත්‍යවරයා අද (20) මේ බව සඳහන් කළේය.
එසේම කොටුගොඩ ට‍්‍රාන්ස්ෆෝමරය අළුත්වැඩියා කරමින් පවතින අතර විදුලි ආවරණයට විකල්ප මාර්ගවලට යොමු වී සිටින බව පෙන්වා දෙන ඒ මහතා නොරොච්චෝලේ කි‍්‍රයාත්මක වී තිබෙන ජාතික විදුලිබල පද්ධතිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.
ඒ මහතා ප්‍රකාශ කළේ ජාතික බෙදාහැරීම් මධ්‍යස්ථානය නවීකරණයට පියවර ගෙන ඇති බවයි.
පුපුරාගිය ට‍්‍රාන්ෆෝමර්වල තත්ත්ව පරීක්ෂාවට ජර්මන් සහ ජපන් විශේෂඥයන් පැමිණෙන අතර එහි වාර්තාව දින 02ක් ඇතුළත ලබාදීමට නියමිතය.
හදිසියේ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරිම සඳහා ජනපති පත්කල අනු කමිටුව තෙවතාවක් මේ වන විට එහි අවසන් සමාලෝචන කටයුතු හෙට ප.ව 03.00ට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ දී සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව විදුලි බිඳ වැටීමේ සියලු තොරතුරු ලබන 23 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කිසිඳු හේතුවක් නිසාවත් විදුලිය පෞද්ගලීකරණය කරන්නේ නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.