පසුගිය කාලපරිච්ඡේදයේ අධිකරණ ක්ෂේත්‍රයේ නඩු ප්‍රමාද වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති කරුණක් බවට පත්වී තිබුණේ රජයේ රස පරීක්ෂක වාර්තා කලට වේලාවට නොලැබීම හා ජාත්‍යන්තර ප්‍රමිතියක් මත අධිකරණ කටයුතු වලට සහය දිම සදහා තාක්ෂණික වශයෙන් ගුණාත්මක හා උසස් තත්ත්වයක නොපැවතීම බැවින්, නවීන තාක්ෂණයට ගැලපෙන පරිදි Forensic තාක්ෂණය යටතේ විද්‍යාගාර පහසුකම් දියුණු කිරීමටත්,දැනට ස්ථාපිත කර තිබෙන DNA විද්‍යාගාරය තවදුරටත් පුළුල් කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශය හා කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම විශේෂ ව්‍යාපෘතිය ආරම්භ කල බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
ශ්‍රි ලංකාවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර හා විද්‍යාගාර පහසුකම් වැඩිදියුණු කිරීම සදහා පසුගිය කාලපරිච්ඡේදයේදී කොරියානු රජයේ ආධාර හා පුහුණු මාර්ගෝපදේශන සහය ලබා දී ඇති අතර, ඉදිරියේදී පුහුණු පර්යේෂණ පහසුකම් වැඩිදියුණු කිරීමටද දකුණු කොරියානු රජයේ සහය ද ශ්‍රී ලංකාවට හිමි වන බව මෙම සාකච්ඡාවේදී කොයිකා සභාපති Dr. Seok Seo මහතා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට අවධාරණය කර ඇත.