නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාෂා තුනෙන්ම ලිපි යැවීම අනිවාර්ය කෙරේ

    මාර්තු 18, 2016
    භාෂා තුනෙන්ම අදාළ අංශ හා මහජනතාව වෙත ලිපි යැවීම අනිවාර්ය බවත් තවමත් එය ක්‍රියාත්මක නොමැති ආකාරය දක්නට ඇති බවත් ඉදිරි තෙමස තුළ එය නිවැරදි කිරීමට රාජ්‍ය නිළධාරීන් කටයුතු කළ යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ 07, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවති මේ වසරේ දෙවැනි දිස්ත්‍රික් ලේකම් සමුළුවේ සමාරම්භක සැසියට එක් වෙමිනි.
     
    ක්ෂේත්‍රයේ පවතින ගැටලු නිරාකරණය කර ගැනීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආශ්‍රිත ගැටලු, අනෙකුත් අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණ කටයුතු, රජයේ මුදල් වැය කිරීම යන අරමුණු සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් මෙම සමුළුව පැවැත්විණ. සමුළුවේ දෙවන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී දිස්ත්‍රික් ලේකම්වරුන් හා සාකච්ඡා කිරීම මෙම සමුළුවේ විශේෂත්වයකි.මේ සඳහා යාපනය, මුලතිව්, කිළිනොච්චි යන දිස්ත්‍රික්ක ඇතුළුව දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන අයුරින් දිස්ත්‍රික් ලේකම්වරු සහභාගී වූහ.  
     
    මෙහිදී ප්‍රාදේශීය පරිපාලනයේදී දිස්ත්‍රික් ලේකම්වරු  මුහුණපාන ගැටලු, සංවර්ධන කටයුතු සඳහා රජයේ මුදල් වැය කිරීම, ජනතාවට වඩා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ වැදගත්කම, වකුගඩු නිවාරණ ජාතික සැලසුමේ ප්‍රගතිය, මදුරු මර්දන සතිය, දේශපාලන පළිගැනීම් ඇතුළු ජනතාවට බලපාන ගැටලු  රැසක් පිළිබඳව දීර්ඝ ලෙස අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ දිස්ත්‍රික් ලේකම්වරු සාකච්ඡා කළහ. 
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා,
     
    “එළඹෙන සිංහල සහ දෙමළ නව වසරත් සමඟ ජාතීන් අතර අනෝන්‍ය විශ්වාසය වර්ධන වන අයුරින් සිංහල හා හින්දු අවුරුදු උත්සව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 මූලිකත්වයෙන් සංවිධානය කළ යුතු වෙනවා. ඒවගේම ජාතික වෙසක් උත්සවය ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතයි. එයට සමගාමීව අනෙකුත් දිස්ත්‍රික්ක තුළ ආගමික වැඩසටහන් සංවිධානය කළ යුතුව තිබෙනවා. 
     
    ඇතැම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු දිර්ඝ වේලාවක් පැවැත්වීම නිසා එහි නිසි ප්‍රතිඵල ලැබෙන්නේ නහැ. ඒ නිසා නිලධාරීන්ද විශාල අපහසුතාවයකට පත්වෙනවා. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් අවශ්‍ය අතර ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ උපදෙස් අනුගමනය නොකරන බව ඉතා පැහැදිළිව පෙනී යනවා. මෙම සමුළුව මගින් ඔබට විශාල ප්‍රයෝජනයක් ලබාගත හැකියි. ඒ අනුව එකම ක්‍රමවේදයකට මුළු රටම සංවර්ධන මාවතකට ගමන් කිරීමට පුළුවන්කම ලැබේවි“ යැයි කීය.
     
    මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි, රේජිස්ට්‍රාර් ජෙනරාල් ඊ. ඒ. ගුණසේකර මහත්වරු ඇතුළු නිළධාරීහු සහභාගී වූහ.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya