නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී පාදයේ ආයුර්වේද සංස්ථාවේ අලෙවි ප‍්‍රවර්ධනක් අද සිට

    මාර්තු 19, 2016

    ශ‍්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව විසින් ශ‍්‍රී පාදස්ථාන පුදබිමේ පවත්වනු ලබන අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහන අද (19)  සිට ලබන 22 දක්වා  ශ‍්‍රී පාදස්ථාන පුදබිමේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     
    මෙම අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහන 19 දින සිට 22 දින දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙහිදී ශ‍්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව විසින් ප‍්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තුවන නිෂ්පාදන අතර ජීවාලේප බාම්, වෙනිවැල් බොඩි වොෂ්, කෝමාරිකා ෂැම්පු, සුදුහදුන් පේෂ් වොෂ්, තැම්බුම් හොදි පානය, කුරුදු තේ සහ ඉරමුසු තේ වේ.
     
    මෙම අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහනේ අරමුණ වන්නේ ශ‍්‍රී පාදස්ථානය වැදපුදා ගන්නා බැතිමතුන්ට සහය සේවා සැපයීම සහ නව දේශීය නිෂ්පාදන ජනතාව අතර ප‍්‍රචලිත කිරීම බව ශ‍්‍රි ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා පවසයි.
     
    ශ‍්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව 2015 වසරේ දී රුපියල් මිලියන 520 ක අලෙවි ආදායමක් අත්පත් කරගත් අතර, එය 2016 වනවිට රුපියල් මිලියන 670ක් දක්වා වර්ධනය කර ගැනීමට සැළසුම් සකස් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya