රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර අද උදේ නොරොච්චෝලේ ප්‍රධාන විදුලි ජනන යන්ත්ර 03න් එකක් සක්‍රිය කිරීමට යන විට නැවත ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් සක්‍රිය නොවූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව අපේක්ෂා කළ කාලය තුළ විදුලිය කප්පාදු කිරීම අවසන් කිරීමට නොහැකි වුවත් අද දිනය තුළ නොරොච්චෝලයේ මෙගා වොට් 300 බැගින් වූ විදුලි ජනන යන්ත්ර 3න් දෙකක් සක්‍රිය කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව විදුලි කප්පාදුව ඉවත් කිරීමට හැකි වන බවත් අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
කෙසේ වුව ද නොරොච්චෝල විදුලි බලාගාරයේ පවතින සියලු ගැටලුවලට විසඳුම් ලබා දෙමින් විදුලිය බිඳවැටීමකින් තොරව පාරිභෝගික ජනතාවට ඉහළ මට්ටමේ ගුණාත්මක විදුලිබල සේවාවක් සැපයීමට ඉදිරි මාස 3 ඇතුළත ලබාදීමට වගකීමෙන් කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය.
ඉහළ මට්ටමේ ඉංජිනේරුවන්, දියුණු තාක්ෂණික නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට සිටින බව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.